in Damith Asanka

කඳුළු උනන | Kandulu Unana by Damith Asanka

කඳුළු උනන ඔය ඇස් දෙක
පෙන්න පෙන්න හැමදාකම
එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ
ලෝකයාට නොපෙනුනාට
මහ ගින්නක් පත්තු වෙනවා
ඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ

ඔබට පිදූ මගේ සෙනෙහස
ඇයට පිදූ සුන්දර රැය
අද ලස්සන නෑ වැලපෙමි කඳුළු මාළිගේ
හදාගන්න හිත චුට්ටක්
සමාදෙන්න මට හෙටවත්
රිද්දනකොට ඉහිලුම් නෑ කඳුළු ඇස් දෙකේ

කඳුළු උනන ඔය ඇස් දෙක
පෙන්න පෙන්න හැමදාකම
එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ
ලෝකයාට නොපෙනුනාට
මහ ගින්නක් පත්තු වෙනවා
ඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ

කවි කල ආදර සිත්තම්
මැකී ගියා උණු කඳුලින්
මං දන්නවා වේදනාව ඔබේ හදවතේ
ඔබ මට පිදුවේ පියුමක්
මං පිදුවේ මහ ගින්නක්
හිත ඇතුලින් මමත් හඬමි මගේ වස්තුවේ

කඳුළු උනන ඔය ඇස් දෙක
පෙන්න පෙන්න හැමදාකම
එපා තවත් රිද්දවන්න මගේ වස්තුවේ
ලෝකයාට නොපෙනුනාට
මහ ගින්නක් පත්තු වෙනවා
ඔබ වෙනුවෙන් සංසාරෙම මගේ වස්තුවේ

banner

Leave a Reply