in Chandra Kumara Kandanarachchi

කිරළි සිය බිජු | Kirali Siya Biju by Chandra Kumara Kandanarachchi

කිරළි සිය බිජු රකින විලසින
නැතොත් මගෙ පන සේ රැකී
අනේ වන දෙවි දේවතාවුනි
නැතිවෙලා මගෙ ජානකී…

රාමා….
සීතා….
රාමා….
සීතා….

සීතා….සීතා….මම රාමා මම රාමා

මේ වනේ වන මල් පවා අද
බිමට වැටිලා මැලවිලා
ගීගැයූ සියොතුන් පවා නැත
උන් මොකෝ අද ගොලුවෙලා
උන් මොකෝ අද ගොලුවෙලා

සීතා…. සීතා….මම රාමා මම රාමා

වනේ විහගුනි කුරුල්ලනි
මුව සිගිත්තනි තෙපි ඇය සොයව්
කොහේ සිටියත් සොයා යන්නෙමි
සිටින තැන ඇය මට කියව්
සිටින තැන ඇය මට කියව්

කිරළි සිය බිජු රකින විලසින
නැතොත් මගෙ පන සේ රැකී
අනේ වන දෙවි දේවතාවුනි
නැතිවෙලා මගෙ ජානකී…
රාමා….
සීතා….
රාමා….

banner

Leave a Reply