in Dilki Uresha, Nadeemal Perera, Sampath Fernandopulle

ලංවී | Lanvee by Nadeemal Perera ft. Dilki Uresha [2022]

ආයේ මුමුණන්න
මට ආදරෙයි කියා
වෙන්වී බැහැ ඉන්න
එක මොහොතක් නැතුව ඔයා

ඔබ වාගේ කවුරුත් නෑ
මට මේ වාගේ ආදරේ වෙලා

ලංවී ලංවී මුමුණන්නම්
මට ආදරෙයි කියා
වෙන්වී වෙන්වී බැහැ ඉන්න
මගෙ ආදරී ඔයා

ආදරේ ආදරේ
මේකද ආදරේ
ආදරේ ආදරේ
මේකද ආදරේ

දෙකොපුල් දිගේ මුහුන හැරෙනා
හැම සුසුමක් පාසා
මට ආදරේ දැනෙනවා

ඔය උනුහුම හැම මොහොතෙම
හදවත දවනවා
ලංවී ලංවී මං ආදරේ විදිනවා
ලංවී ලංවී මං ආදරේ විදිනවා

සද රැස් විලේ මාහා පිහිනා
රස හැගුමන් දෝවා
පෙම් සීමා විදිනවා

ඔය තුරුලෙම මං
හාදුමල් නෙලනවා
ලංවී ලංවී මං ආදරේ විදිනවා
ලංවී ලංවී මං ආදරේ විදිනවා

ආයේ මුමුණන්න
මට ආදරෙයි කියා
වෙන්වී බැහැ ඉන්න
එක මොහොතක් නැතුව ඔයා

ඔබ වාගේ කවුරුත් නෑ
මට මේ වාගේ ආදරේ වෙලා

ලංවී ලංවී මුමුණන්නම්
මට ආදරෙයි කියා
වෙන්වී වෙන්වී බැහැ ඉන්න
මගෙ ආදරී ඔයා

ලංවී ලංවී මුමුණන්නම්
මට ආදරෙයි කියා
වෙන්වී වෙන්වී බැහැ ඉන්න
මගෙ ආදරී ඔයා

written by Sampath Fernandopulle

banner

Leave a Reply