in Shammi Fernando

ලස්සන දවසක | Lassna Dawasaka by Shammi Fernando [2021]

පා මුව මල් සිනහා
පා ඉක්මන් කරලා
මා හදවත සනහා
මා ලගටම දුවලා

ඉන්නකෝ සුදු නගෝ
මගේ අත අල්ලලා
ගන්නකෝ ඇයි මොකෝ
ඔය මූන රතු වෙලා

ලස්සන නුඹ දැක
හිත පහන් වුනා
ලස්සන හීනෙක
මම දැහැන් වුනා

ලස්සන අහසක
ඉර මුදුන් වුනා
ලස්සන දවසක
උබ මගේ වුනා

රෝස මලකෝ
මෙහෙට එන්නකෝ
දෑස තුල මා දවට ගන්නකෝ
ආස කල ආදරය දෙන්නකෝ
රෝස තොල ගා හිස සිබින්නකෝ

ජීවිතේ
පාටගෑ
වාසනාවේ දේව දුතියේ

ලස්සන නුඹ දැක
හිත පහන් වුනා
ලස්සන හීනෙක
මම දැහැන් වුනා

ලස්සන අහසක
ඉර මුදුන් වුනා
ලස්සන දවසක
උබ මගේ වුනා

මාල පලදා
රත්තරන් ගෙලේ
සේල අන්දා ඉස්තරම් ලොවේ
කාල බලලා
ලබන ඉල් මහේ
තාල හිත මා ගන්නවා නුඹේ
ජීවිතේ පාට ගෑ
වාසනාවේ දේව දූතියේ

ලස්සන නුඹ දැක
හිත පහන් වුනා
ලස්සන හීනෙක
මම දැහැන් වුනා

ලස්සන අහසක
ඉර මුදුන් වුනා
ලස්සන දවසක
උබ මගේ වුනා

banner

Leave a Reply