in Nanda Malani

මා සඳට කැමති බව | Ma Sandata Kamathi Bawa by Nanda Malani

මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්

නොඉඳුල් තොල්පෙති අතරින්
උදුරාගෙන සිනාව
හදවත නැති මිනිසා ඔබ ‍
නෙත කඳුළැලි ගෙනාව

මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්

එක්ටැම් ගෙයි සිරගත කළ
සමනළියක අනාථ
ජීවිතයම ඔබ අරගෙන
ඇති දුන් වේදනාව

මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කලා නටුවෙන්

banner

Leave a Reply