in DADDY

මා හා | Maa Haa by DADDY

මා හා හිනැහෙන්නෙපා
දෑස් අගින් මුමුණන්නට එපා
ම්….
ළඟින් මගේ ඔබ ඉන්නෙපා
වදන්වලින් සනසන්නට එපා
ආදරේ දැණෙනවා
ආදරේ දැණෙනවා
ආදරේ දැණෙනවා

කිසිම කෙනෙකු නෑ කිසි දවසක්
දුන්නේ මා දුන් ආදරයක්
ඔබ හා ගෙවෙනා හැම මොහොතක්
ආදරේ දුන් වේදනා මතකයට ගේනවා
ම්…. ල ලා ලා…

මා හා හිනැහෙන්නෙපා
දෑස් අගින් මුමුණන්නට එපා
ම්….
ළඟින් මගේ ඔබ ඉන්නෙපා
වදන්වලින් සනසන්නට එපා
ආදරේ දැණෙනවා
ආදරේ දැණෙනවා
ආදරේ දැණෙනවා

ආශා ගංගාවක බිඳුවක් මා
සිනහව අයුරින් ඔබ හට දුන්නට
නොසිතන් මිතුරියෙ දියට බහින්නට
ආශා ගඟුලේ කිමිද ගිලෙන්නට
සිතනා පතනා හැම මොහොතක්
ආදරේ දුන් වේදනා මතකයට ගේනවා
ම්…. ල ලා ලා…

ඉතින්…

මා හා හිනැහෙන්නෙපා
දෑස් අගින් මුමුණන්නට එපා
ම්….
ළඟින් මගේ ඔබ ඉන්නෙපා
වදන්වලින් සනසන්නට එපා
ආදරේ දැණෙනවා
ආදරේ දැණෙනවා
ආදරේ දැණෙනවා

banner

Leave a Reply