in Shihan Mihiranga

මගේ හිතට | Mage Hithata by Shihan Mihiranga

මගේ හිතට එය දැණුනා මට ආදරේ හිතුණා
මගේ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි
මගේ නෙතට එය දැනුනා උණු කඳුළකින් තෙමා
ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළු වූ
මගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලා
මට ජීවිතේ දුන් ආදරියේ ඔබමදැයි

මම ලියූ පෙම් කතාවේ සුරකුමරියක් උන්නා
ඒ කුමාරිගෙ හිනාවේ මට ආදරේ තිබුණා
මම හීනයක් දුටුවා ඔබ රුව මගෙමදැයි කියා
මගෙ හිත් කොනේ බැදි ආදරී ඒ ඔබම දැයි
මගේ ගීතයේ ඇවිත් ඔයා මගේ ආදරේ අළුත් කලා
මම ආදරේ වෙලා මට් හොරා ඒ ඔබටදැයි

සිහිනයෙන් දුටු කතාවේ තොල්පෙතිත් තෙමුණා
ඔබ ළඟින් උන් වෙලාවේ සිත ආලකම් කෙරුවා
මම ලෝබනම් කෙරුවා ඔබ මට අහිමිවේයැයි කියා
මගෙ හිත්කොනේ බැදී ආදරී ඒ ඔබමදැයි

මගේ හිතට එය දැණුනා මට ආදරේ හිතුණා
මගේ හීනයේ මට තුරුළු වූ ඒ ඔබමදැයි
මගේ නෙතට එය දැනුනා උණු කඳුළකින් තෙමා
ඒ රාත්‍රියේ මට හීතලෙන් තුරුළු වූ
මගේ ජීවිතේ පුරා ඔය රුව සටහන් වෙලා
මට ජීවිතේ දුන් ආදරියේ ඔබමදැයි

ඔබ කීව ඒ කතා මා මුව ගීතයක් වෙලා
මම මගෙ හිතින් මගෙ ජීවිතෙත් ආදරේ කලා
මා දෙස ආදරෙන් බලා මගේ හිත කොනිත්තයි ඔයා
සත්තයි ප්‍රියේ මම දන්නෙ නෑ ඒ ඔබ කියා

banner

Leave a Reply