in Aki Vish, Malmi Kavindi, Shan M, Sinhala Rap

මල් වරුසා | Mal Warusa by Shan M & Malmi ft. Aki Vish [2020]

මල් වරුසා පරදනා
නුඹේ දෑසින් පෑ සිනා
රතු දෙතොලින් කී කතා
මතකේ සේයා වෙලා

රෑ සිහිනෙන් ලංවෙනා
නෙතු මානේ පායනා
සිතුවිලි විල කලඹනා
නුඹ කවුදෝ නොහැඟෙනා

කෙහෙරැලි පවා සුළඟින් ඉඟිබිඟි කලා මට රහසින්
දෑඟිලි කතා හොරැහින් පැවසුවා මට නුඹගේ සුසුමන්
සඳ තරමට සීරුවෙන් සිත නිවා මදහාසයෙන්
මුව පුරා හසරැලි මවන් මගෙ සියොළඟ කිතිකවන්

නෙතු කැන් නොතෙමා කඳුලින් ළඟ දැවටී සැනසෙමින්
දැනෙනා සොඳුරු හැඟුමන් මගෙ හදවත මැද සිරකරන්
පියමං කල මාවතේ සිත නවතා අනුරාගයෙන්
පවසන් ඒ ආදරේ නොම සඟවා නුඹෙ මුවින්

මල් වරුසා පරදනා
නුඹෙ දෑසින් පෑ සිනා
මට රහසින් කී කතා
මතකේ සේයා වෙලා

written by Malmi Kavindi

banner

Leave a Reply