in Hiyum, Manasick, Minol, Naraa Sandeshaya the Album

මං මැරුණු දවසට | Man Marunu Dawasata by Manasick & Minol Witharana ft. Hiyum | Naraa Sandeshaya [2020]

පිළිගන්නවා රියන් හය
හතරට
ගත පාස්
සතරට
අවසන් කටයුතු හතරට
සත් දවසට ගුණ වර්ණනාව
කරයි බොල භෝනා මල දවසට
කියයි කට්ටියක් බැහැ නෑ ලේසී
දෙනවනම් ඕන බරක්
නිදි කිරයි කේ ජී


කොල්ලෝ වට වෙලා බරටම ඕමී
ගහයි සීරු වන් හූ තිය
කිය කවි පේලි
ඉන්නකම් කෑවෙ ලෙව
කාගෙන බත්
හට්ටි හත් දවසෙ දානෙට
පලතුරු වට්ටි පුරවන් මුට්ටි
කෑම කයි මෙහේ කට්ටි
විසිකරයි වැඩි මුදවපු කිරි හට්ටි
යන්නේ කර උඩින් හයකගේ හතකගේ
ඉන්නකම් පෑගුවේ හැතිකරේ නැතිකරේ
හොයාගනින් පාලුව උඹ වෙන මඟුලක්
මේක මගේ මළ ගම
එපා බල්ලෙකුවත්

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

මම මළ දවසක ගිනියම් හවසක
අවසන් කටයුතු මොරටුව අසලක
තුන්මාසේ දානේ වෙනකොට
මම පස්සේ
මම දුන්නා පොලිති මතක අදහස් වේ
හීතලයි පෙට්ටිය තනිය තට්ට
ගමේ ගෑනූන්ගේ ගුණ
වැනුම් නම් පට්ට
වචන දරුණු වෙන
ප්‍රවේසම් කාලේ මේ
මළ ගෙදරත් එක දේශපාලනේ
මැලවුණු මල්වඩම්


බැනර් වල මල් වදන්
කලුවරේ මඩු පිටිපස්සේ
කොල්ලෝ ගල්පතක්
මට බැන කටින්ම
මගෙ පව් හෝදන
පන්සලෙන් එපා මට
පිං අනුමෝදන
කව්ද උස්සන් යන්නේ මාව
ගහපන් මළ බෙර
සමුගැනි සාදේ බලු සුසානෙට පෙර
එකා එකා එද්දි දැන්
මිනිය කරන්න මුර
කර මතින් නෙමෙයි ආවේ
ජීවිතේ මේ දුර

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

banner

Leave a Reply