in Bee, Big Doggy, Drill Team, Fill T

මං මැරුණු දවසට (OG Remix) | Man Marunu Dawasata by Drill Team ft. Big Doggy, Fill T

පිළිගන්නවා රියන් හය
හතරට
ගත පාස්
සතරට
අවසන් කටයුතු හතරට
සත් දවසට ගුණ වර්ණනාව
කරයි බොල භෝනා මල දවසට

කියයි කට්ටියක් බැහැ නෑ ලේසී
දෙනවනම් ඕන බරක්
නිදි කිරයි කේ ජී
කොල්ලෝ වට වෙලා බරටම ඕමී
ගහයි සීරු වන් හූ තිය
කිය කවි පේලි

ඉන්නකම් කෑවෙ ලෙව
කාගෙන බත්
හට්ටි හත් දවසෙ දානෙට
පලතුරු වට්ටි පුරවන් මුට්ටි
කෑම කයි මෙහේ කට්ටි
විසිකරයි වැඩි මුදවපු කිරි හට්ටි

යන්නේ කර උඩින් හයකගේ හතකගේ
ඉන්නකම් පෑගුවේ හැතිකරේ නැතිකරේ
හොයාගනින් පාලුව උඹ වෙන මඟුලක්
මේක මගේ මළ ගම
එපා බල්ලෙකුවත්

දුව ආවෙමි සැතපුම්
පරදා මරු කතර
සසර හතර රියනට
කොටුවුනු දවස
යන්නට අවසර මෙමට
සමුදී සැමට
දැම්මද අම්මා පෙව් කිරි වල නමට

ජීවිතේ ජය ගත්තේ තාත්තෙ
උඹ දීපු වීරියෙන්
යන්නම ඕනෙ නිසා ගියේ මම
එන්නම හිතන් වීරියෙන්
බිරිද අහස්කුසු දිහා බලන් ඉන්නෙ හරි හිස්කමින්
වියෝ දරාගන්න බැරිව මිතුරන් මගේ විශ්මයෙන්

හමනා සුළගේ මම පාවී යාවී
සුර දූතයෝ මගේ තනියට ඒවී
මම ලිවූ බාර්ස් දෙවියොත් මුමුණාවී
ලගදීම ඇන්ටර් ආයෙත් හමුවේවී

විස්කි බෝතලේ පෙට්ටියේ දාලා
මාව වලලන්න
අරන් යන්න ගියේ හැකි වේවි පෙරොස්ව හමුවෙන්න
මම හැදුවා තව සීයක් සිංහල රැප ගොඩ ගන්න
ස්තුති කියලා කොටපන් සොහොන් කොතේ
මුමුණන්න

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

මම මළ දවසක ගිනියම් හවසක
අවසන් කටයුතු මොරටුව අසලක
තුන්මාසේ දානේ වෙනකොට
මම පස්සේ
මම දුන්නා පොලිති මතක අදහස් වේ
හීතලයි පෙට්ටිය තනිය තට්ට
ගමේ ගෑනූන්ගේ ගුණ
වැනුම් නම් පට්ට

වචන දරුණු වෙන
ප්‍රවේසම් කාලේ මේ
මළ ගෙදරත් එක දේශපාලනේ
මැලවුණු මල්වඩම්
බැනර් වල මල් වදන්
කලුවරේ මඩු පිටිපස්සේ
කොල්ලෝ ගල්පතක්
මට බැන කටින්ම
මගෙ පව් හෝදන
පන්සලෙන් එපා මට
පිං අනුමෝදන

කව්ද උස්සන් යන්නේ මාව
ගහපන් මළ බෙර
සමුගැනි සාදේ බලු සුසානෙට පෙර
එකා එකා එද්දි දැන්
මිනිය කරන්න මුර
කර මතින් නෙමෙයි ආවේ
ජීවිතේ මේ දුර

මං මැරුණු දවසට
එයි ගම් හතකට සෙනඟ
අඬයි දවස් හතකට
බතකට විතරක් එක අතකට
වෙනසක් සොයන් එයි
කට්ටිය හවසට
මිනිය තියන් ගෑනු අරී බේගල්
කාඩ් කුට්ටම පිරිමි
සොයයි බෝතල්
සාද පාරාදීස හෝටල්
මගේ මළ ගෙදරම
කරයි මලකෝලම්

අනිච්චාව සංකාරා ලේ මාපිල බොඩිය
ආදානය පොදු සුසාන භූමිය ගොරකාන
බහු භාර්‍යා ලේඩි ලෙෆෝර්ඩ්
බිස්කට් කුඩු ලොරිය
හර්ස් එකේ පිටි පස්සේ
VIP රථය

ගුණගායනා ගුණවර්ධනා හඩ ඇසුනා
මල ගෙදර
කිරි ගවයෝ නිදහස් කලා
හතේ දානේ හිරගෙදර
දමලා යන කුණු කය
මොකටද සුර සැප විදින්නේ
දිනලා මොක්පුර යන්නට
අපි බොදු බලනසන්නේ
අම්මා මල බතර දෙන්න වත්තේ වවපු කොච්චි
කඩුපුල් මල් තුනක් පිපුනා
වත්තේ මල් පොච්චී
තිස්තුන්කෝටියක් දෙවියෝ දිව්‍යයලෝකේ පදිංචි
මැකවල ඊසි වෙල්කම් නොටෝරියස් බිග් ගී
කැනඩා සිට පැමණී මාමන්ඩිය කෙනඩි
දේශිය පාලකයෝ ඇවිත් පාක් කලා වන්ඩි
ශුවර්ම බඩු මගේ මලගේ ට්‍රෙන්ඩින් වන් අනදර්
පණ ගියාට වැඩ කරනවා තාම කෙලින් කද

banner

Leave a Reply