in Dinesh Tharanga

මනමාල සිතක් | Manamala Sithak Thibunada by Dinesh Tharanga

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ
ලඟින් ඉන්න පින් මදිවද හදට ඔය නුඹේ
ඉතින් දෙන්නකො අවසර රැඳෙන්නට හදේ

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ

නල රැළි මත අඳිමින්
කිව් ආදර කතාව කොහෙදෝ
ලං වෙන්නට නුඹගේ
සිත ඇතිවද වෙන කෙනෙකුගේ ඇසුරේ
බිඳක් මතක නම් මං ගැන
ඇසුර පෙර ලෙසේ
සැමදා ඉන්නම් මා

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ

නැත කිසි දින වැටුනේ
වෙන ළඳකගේ ආදර දැහැනේ
සිත තවමත් එහෙමයි
ඔබ ගැන වුන් හැටි ලෙස ඉස්සර දවසේ
වෙන් වෙන්නම් කීවොතින්
ඔබේ ඔය මුවෙන්
හැර යන්නම් මා

මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ
ලඟින් ඉන්න පින් මදිවද හදට ඔය නුඹේ
ඉතින් දෙන්නකො අවසර රැඳෙන්නට හදේ
මනමාල සිතක් තිබුනද ලඟින් උන්නු දා
සිතින් පෙම් කලාදෝ ඇයිද නොදැනුනේ

banner

Leave a Reply