හිතුවෙ නෑ මන් කවමදාවත්
නුඹව ආයෙත් දකින්න
හිතට හයියක් තිබුනෙ නෑ මට
නුඹේ ඇස් මග හරින්න
එදා අපි ගිය පුරුදු පාරේ
මටත් තිබුණා නොයන්න
අතර මගකදි හමුවුනේ ඇයි
මතක අලුතින් ලියන්න
හිතින් නුඹ ගෙන මම ගියපු දුර
නුඹත් හොදටම දන්නවා
ආදරේ අපි විදපු තරමට
මගහැරුනෙ ඇයි හිතෙනවා
නුඹ තබාගිය මතක තවමත්
නුවර හැමතැන තියනවා
අහිමි වුනුබව මතක් වෙනකොට
අදත් මගෙ හිත රිදෙනවා
පරණ ලෙන්ගතුකම් සොයාගෙන
එන්න බැරි බව දන්නවා
නතර වුනු තැන නතර වී මම
අදත් නුඹ ගැන හිතනවා
දරාගත්හැටි මගේ හිත මම
නුවර අහසම දන්නවා
අතහැරුණු හිත්වලත් ප්‍රේමයෙ
ශේෂ වූ තැන් තියනවා
written by Harshani Dinusha Adhikari
Leave a Reply