in Bathi Gee Dayawa, SANUKA

මිහින්තලාවයි | Mihinthalawai by SANUKA from Bathi Gee Dayawa [2021]

මිහින්තලාවයි – අඹරුක් සෙවණයි
පොසොන් උදාවයි – පුන්සඳ එළියයි
මිහින්තලාවයි – අඹරුක් සෙවණයි
පොසොන් උදාවයි – පුන්සඳ එළියයි

අනුබුදුහිමි බුදු ධර්මය රැගෙන වැඩිය දින
තිස්ස කුමරු මුව දඩයමෙ යෙදුනේ මේ දින
පාපෙන් වළකා කුමරුන් සීලෙ පිහිටු දින
අඹ පැන විසඳා ධර්මය දෙසු මේ පෝ දින

මිහින්තලාවයි – අඹරුක් සෙවණයි
පොසොන් උදාවයි – පුන්සඳ එළියයි

සසර වසන සතට අමා නිවන් මඟට යන
ධර්මාලෝකය ලද මේ පොසොන් පොහෝ දින
සදහම් ආලෝකෙන් ලක්බිම බැබලූ දින
දොහොත් මුදුන් දී නමදිමි උතුම් මෙ පෝ දින

මිහින්තලාවයි – අඹරුක් සෙවණයි
පොසොන් උදාවයි – පුන්සඳ එළියයි
මිහින්තලාවයි – අඹරුක් සෙවණයි
පොසොන් උදාවයි – පුන්සඳ එළියයි

banner

Leave a Reply