in Dimanka Wellalage

නලෝලා | Nalola by Dimanka Wellalage [2021]

පින් ඇස් දෙකට මගේ
පෙනුනා කෙනෙක් හොයපු හැඩැත්තී
රෝස කැලෙන් මගේ
හිතට කඩන් වැටුනු හිතැත්තී

ලොවම කැමැත්ත ඉල්ලනා
මටම මැවිච්ච එක්කෙනා
මේ අහගන්න ඔබෙන්
අහන්නේ මං ආදරෙයි ද

සිත් සනසවෝලා සරසවෝලා
ආස රහට හීන මගේ
පපු කඳ පුරෝලා
ඇස් කරකවෝලා නටවවෝලා
සීත ඈත පාරදිගේ
වැඩපන් නලෝලා

මල් මත රැජින ඔබ ද
දිලෙන නළලේ තිලක තියාලා
යන ගමන හැඩය
සුමුඳු මුවග සිනහ නඟාලා

ලොවම කැමැත්ත ඉල්ලනා
මටම මැවිච්ච එක්කෙනා
මේ අහගන්න ඔබෙන්
අහන්නේ මං ආදරෙයි ද

සිත් සනසවෝලා සරසවෝලා
ආස රහට හීන මගේ
පපු කඳ පුරෝලා
ඇස් කරකවෝලා නටවවෝලා
සීත ඈත පාරදිගේ
වැඩපන් නලෝලා

රන් සළු නැතය අගය
සතුට තියෙන තැනක රැදීලා
අපි ගෙවමු දිවිය
අතරමඟක නතර නොවීලා

ලොවම කැමැත්ත ඉල්ලනා
මටම මැවිච්ච එක්කෙනා
මේ අහගන්න ඔබෙන්
අහන්නේ මං ආදරෙයි ද

සිත් සනසවෝලා සරසවෝලා
ආස රහට හීන මගේ
පපු කඳ පුරෝලා
ඇස් කරකවෝලා නටවවෝලා
සීත ඈත පාරදිගේ
වැඩපන් නලෝලා (නලෝලා)

banner

Leave a Reply