in Damith Asanka

නවම් මහේ | Nawam Mahe by Damith Asanka

නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා
පිපාසයෙන් ඉන්න වේවි
නැවුම් කලේ බිඳිලා
නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා

කලේ අඬන්නේ මොකටද කඳුළු සලන්නේ
බිඳුණු කලේ ගෙයි තියාන මොකද කරන්නේ
මොකද කරන්නේ ඇත්තට මොකද කරන්නේ
පිපාසයත් ඉවසන්නට බැරිය බොලන්නේ
කාගෙන්දෝ දිය දෝතක් ඉල්ලා ගන්නේ
තිබහට ඉල්ලා ගන්නේ

නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා
පිපාසයෙන් ඉන්න වේවි
නැවුම් කලේ බිඳිලා
නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා

පවස නිවාගන්නයි ගෙට කලේ ගෙනාවේ
බිඳුණු කලේ මට සිනාසුණාවේ
සිනාසුණාවේ තව සිනාසුණාවේ
දියට යනෙන කල ගෙඩි වල කැකිරි සිනාවේ
ඉවසාපන් මගේ හිත තව රිදුණාවේ

නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා
පිපාසයෙන් ඉන්න වේවි
නැවුම් කලේ බිඳිලා
නවම් මහේ ගෙට ගෙනා නැවුම් කලේ බිඳිලා

banner

Leave a Reply