in Thilan Dhanushka

නිර්ණාමික ආලයේ | Nirnamika Alaye by Thilan Dhanushka [2022]

කාලයක් ගත වෙලා අප හමුවුණා
නුඹෙ මතකයෙන් මා මෙදා ගිලිහිලා
ඒත් මට රහසින් සඟවනා ඔය කෝලම් සිනහා
මේ ගොම්මන් යාමේ මගෙ හද රිදවනා

සීතල වර්ෂාවක අහම්බෙන් වගෙ හමුවුනේ
උණුසුම් විරාගයේ එක හැන්දෑවක යළි වෙන් වුනේ
චන්ද්‍රයන් සඟවා ගෙන නිමාවූ ඒ ස්නේහයේ
නිර්ණාමික ආලයේ ඇරඹුමක් දෝ මේ විඳින්නේ

හමුවෙමු ආයේ

නිහඬ වූ හැඟුමකින් ගෙවුනා මිහිරාවේ
ඉඟිබිඟි මැදින් සීරුවෙන් දුටුවා පෙම නුඹගේ
මොහොතකින් ජීවිතේ සුවයක් දැනුණාවේ
පෙම් සාදයේ නිමාවක් නොදැනුනා අතීතේ

ඒ අතීතේ හැරදමා කිමිදුණා සිසාරේ
සොයා යයි දෙමංසලින් ආලයේ පුරාණේ

සීතල වර්ෂාවක අහම්බෙන් වගෙ හමුවුනේ
උණුසුම් විරාගයේ එක හැන්දෑවක යළි වෙන් වුනේ
චන්ද්‍රයන් සඟවා ගෙන නිමාවූ ඒ ස්නේහයේ
නිර්ණාමික ආලයේ ඇරඹුමක් දෝ මේ විඳින්නේ

හමුවෙමු ආයේ

banner

Leave a Reply