in Damith Asanka

නුවරඑළියෙ සිසිල් බවයි | Nuwara Eliye Sisil Bawai by Damith Asanka

නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල

ගාලු කොටුවේ බැම්ම වගේ රැකවරනය දුන්නා
උණවටුනේ වෙරළ වගේ සුන්දර බව මැව්වා
හුම්මානේ වතුර වගේ දුන් සෙනෙහස ගත්තා
කතරගමේ දෙවිදුන් හට මගෙ දුක මම කිව්වා

නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල

මහවැලි ගඟ බෙදුවා වගේ ඔබ මා වෙන්කෙරුවා
දුන්හිඳ දිය ඇල්ල වගේ මගෙ සිත ඇද වැටුනා
හුන්නස්ගිරි කන්ද වගේ හුදකලාවේ උන්නා
ඉසුරුමුණියේ පෙම් යුවලට මගෙ දුක මම කිව්වා

නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬල
මහවන්නියෙ විරල බවයි විටකදි හද මඬල
කොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬල
අනුරපුරේ සමාධියයි විටකදි හද මඬල

banner

Leave a Reply