in Karunarathna Divulgane

ඔබ මා හමුවුන | Oba Ma Hamuwuna by Karunarathna Divulgane

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මල දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවි
මගේ ළඟ තනියට ඉනු මැනවි

ඔබ සිත මා සිත හමු වූ දා සිට
මා ලය පීදී පර වුනු පෙම් මල
සිතින් තුරුළු කර මා මල දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවි

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මල දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවි
මගේ ළඟ තනියට ඉනු මැනවි

කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිගු සයුර වෙත පියමන් කල සැටි
සිතින් දරාගෙන මා මල දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවි
මගේ ළඟ තනියට ඉනු මැනවි

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මල දවසට
මගේ ළඟ තනියට ඉනු මැනවි
මගේ ළඟ තනියට ඉනු මැනවි

banner

Leave a Reply