in Costa, Master D, Sinhala Rap

ඔබට වරම් | Obata Waram by Costa x Master D [2022]

රූපේ කෑම බීම
මදුවිත මී පාසානං
බොරු පොරොන්දු
චක්කරේ වගේ කටපාඩම්

දීපං චන්දේ මට හදන්නම්
මං ගම් හතම
උඹේ චන්දේත් අරන්
ගෑනුත් අරන් මං මටම

චන්දේ දෙන්න කලින් කිව්වේ
මම දෙන්නේ පාලම්
චන්දෙන් පස්සේ මොන පාලම්
ගමේ ඒදන්ඩත් දැන් නාගසලන්
මට කාවවත් වටින්නේ නෑනේ
මචං මාව තරම්
කතිරේ ගහපං
ඇලඩින් වගේ දෙන්නම් උබට වරම්

දෙකට
කොන්දෙන්ම නැමිලා මං
ගිහිල්ලා ලොක්කට වදිනවා
ඇගිල්ලෙන් අත්සන තියනවා
කැපිලා කෙටිලා කියනවා
උඹට මටිල්ලෙන් බෙදනවා
එතන පචයක් කියනවා
උඹටත් පචයක් කියනවා
හිතේනම් කිචියක් තියෙනවා

හොදට බීලා ගිහිල්ලා
නිදිය ගත්තම බොරුව අමතකයි
ඇමට දාලා ගිහිල්ලා තියෙන්නේ උඹව
උඹට අමතකයි
රටක ආලේ කරන්නේ මෙහෙම තමයි බං
උඹට හිතෙනවයි
මගේ කෑම පිගාන දිහා බලන්න එපා
උඹට දෙනවා පයින්

හවස ටීවී එකේ ගියා
අද මුන වැදිලා
ගෙදර පොත් දෙක තුනයි
ධම්ම පදය කාවෝ හපලා
හොදට සීනි දමලා
තේ එක බොන්නේ මං
මීටිමකදී
උඹ ගාව සරම විසිකලා
දැන් කෝට් එක මදි
සිගිති දේවල් උඹලා ඉල්ලනකොට
කෝම කරන්නේ මං
උඹට පෝර බෙදන කම්මල මං
කෝලම් කරන්න එපා
උඹලා සුද්ද කරලා ගනින් ලංද
පිට්ටනිය හදන්න
අතින් ලිස්සනවද කැත්ත
උඹලගේ බිත්තරයත් මම කන්නම්

රූපේ කෑම බීම
මදුවිත මී පාසානං
බොරු පොරොන්දු
චක්කරේ වගේ කටපාඩම්

දීපං චන්දේ මට හදන්නම්
මං ගම් හතම
උඹේ චන්දේත් අරන්
ගෑනුත් අරන් මං මටම

චන්දේ දෙන්න කලින් කිව්වේ
මම දෙන්නේ පාලම්
චන්දෙන් පස්සේ මොන පාලම්
ගමේ ඒදන්ඩත් දැන් නාගසලන්
මට කාවවත් වටින්නේ නෑනේ
මචං මාව තරම්
කතිරේ ගහපං
ඇලඩින් වගේ දෙන්නම් උබට වරම්

දාපං බං චන්දේ මටම
පුරවං කන්නේ මං කටම
ගලවං සරමේ ගැට බං
බඩ මහත් වෙලා අද බං
කබලෙන් ලිදට වැටිච්ච උඹගේ
රොටිය අනලා කන්නේ මං
රොටිය කාලා තැටිය උඩම කබ්බ දැම්මේ මං
අල්ලන්න මුට්ට් දෙන්නකෝ පගා
දාන්නම් මං ඉස්කෝලෙට උඹගේ බබා
නම් මොනෑ නෝනා පබා
ආසම අල්ලන්න උඹගේ
තෙපර බබා හිටපු උඹගේ නෝනා
දෙකට නමා
කතිරේ දමා පත්කලානේ
උඹලා ඇමති බබා

ආතල් ජොබක් මේක බං
නැ මට උසස් පෙල
නෑ මට පහත් පෙල
ගහන්නේ මූනට කෙල
කාසි සරුයි එල මිරිකන්නේ
මං උඹලාගේ ගෙල
කපන්නේ රටේම වල
වලලන්නට අනුන්ගේ අල
අවුරුදු ගානක් හම්බ කරපුවා
වේයෝ කාලා දැන්
මගේ මඩිය තර උඹගේ
උලුවේ ඇව්ත් උඩට අං
හැබයි ඕනෙ දෙයක් දැනට
හැබයි ඊලග අවුරුද්දේ
වැදන් එනවා පුතේ
දීපං මට ආයෙත් උඹලගේ චන්දේ

රූපේ කෑම බීම
මදුවිත මී පාසානං
බොරු පොරොන්දු
චක්කරේ වගේ කටපාඩම්

දීපං චන්දේ මට හදන්නම්
මං ගම් හතම
උඹේ චන්දේත් අරන්
ගෑනුත් අරන් මං මටම

චන්දේ දෙන්න කලින් කිව්වේ
මම දෙන්නේ පාලම්
චන්දෙන් පස්සේ මොන පාලම්
ගමේ ඒදන්ඩත් දැන් නාගසලන්
මට කාවවත් වටින්නේ නෑනේ
මචං මාව තරම්
කතිරේ ගහපං
ඇලඩින් වගේ දෙන්නම් උබට වරම්

written by Costa x Master D

new sinhala rap,sinhala rap,new sinhala rap 2022,sinhala new rap,costa rap,sinhala rap songs,sinhala rap sindu,sinhala rap music,best sinhala songs,new sinhala song,master d,new sinhala songs,sinhala rap collection,new sinhala songs 2022,sinhala songs,sinhala new songs mp3,sinhala new songs,sinhala songs 2022,sri lankan rap music,sinhala new songs 2022,costa,new rap,aluth sindu,sonduriya costa,new songs,new music videos 2022,sonduriya,big doggy

banner

Leave a Reply