in Sangeeth Iddamalgoda, Tehani Imara

පාළු සන්තානේ | Paalu Santhane by Sangeeth Iddamalgoda ft. Tehani Imara [2020]

මලේ රොන් බී ගියේ
වනේ බඹරුන් කොහේ
සමනල් සිහිනයන් අමිහිරි මතකයන්
මගේ හරසර පෙමේ
රසේ නී රස කලේ
ඔබෙ රළු චේතනා ගෙනදුන් වේදනා

සිතින් ගතින් ඔබෙන් දුරින්
ඉන්නම්
තවත් ඉතිo හැඟුම් නොරිද
ගන්නම්
එදත් අදත් මගෙන් සිහින් වරදක් නෑ වීලා

පාළු සන්තානේ ශෝක ගිම්දෑසේ
කඳුලැල්ලක සිහිලැල් සුවේ
මගෙ ආදරේ තනිවී දැනේ
හීන අමුනන්නෑ හාදු හඳුනන්නෑ
පැරදුනු හදකට යලි කෙසේ
ගෙන එන්නදෝ ඔබෙ ආදරේ

විලේ මල් පරවුනේ
ඉරේ ගින්නෙන් නොවේ
නුඹ ගැන මතකයන්
හදවිල කලතමින්

සැලේ හදබිත සැලේ
මැකේ සිතුවම හිතේ
තනිවුනු දින ගනන්
කඳුලැලි පුරවමින්

banner

Leave a Reply