in Damith Asanka

පරිස්සමට තියාගන්න | Parissamata Thiyaganna by Damith Asanka

පරිස්සමට තියාගන්න හිත මට දිලා
හදිස්සියට සෙනෙහස නුඹ දුර අරන් ගියා
කඳුළු බිංදු එකතු කරමි ඇස් දෙකට හොරා
සුසුම් මියෙන මොහොතෙදී ළඟ ඉන්නයි ඕනා

කඳුළු ඒවි හිත ගැහේවි නුඹ මකත් වෙලා
දුරක යාවි ළඟ හිඳිවි මතක තනි වෙලා
රණ්ඪු වලත් අප දුටුවේ ආදරය තමා
එනතුරු මඟ බලා ඉන්නේ හීන මව මවා

පුංචි හිනාවම මගේ මුළු ජීවිතය උනා
අපි දෙන්නට දෙන්නා උන්නේ පණ වගේ එදා
හිතේ හිර කරන් මෙතුවක් කල් නුඹ තැවුනා
ඉඩෝරයට අහස හරිම ආදරේ කළා

පරිස්සමට තියාගන්න හිත මට දිලා
හදිස්සියට සෙනෙහස නුඹ දුර අරන් ගියා
කඳුළු බිංදු එකතු කරමි ඇස් දෙකට හොරා
සුසුම් මියෙන මොහොතෙදී ළඟ ඉන්නයි ඕනා

banner

Leave a Reply