in Samitha Mudunkotuwa, Thilina Ruhunage

පාවෙලා කෝඩු ආකාසෙ | Pawela Kodu Akase by Samitha Mudunkotuwa ft. Thilina R [2020]

පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින්
නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ
අහසම තරම්
කවිකාර හීනය ලඟින්
දඟකාරකම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්

නිදිවරන හීනයේ
මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක්කරන්
ඔය නමින්
නුඹ දුන්නු ආදරේ
අරුත සොයනා සිතින්
තව නුඹට ලන් වුනා
හුස්ම වැටෙනා දුරින්

නුපුරුදුම ආදරේ
එක හිතට යා කරන්
නවතින්න හදවතේ
හිතුමතේ දුර ගිහින්
ඉකිබින්ද ජීවිතේ
තනිකම මැකී ගිහින්
තව ඉඩක් නෑ හිතේ
නුඹට දුන්නා තරම්

පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින්
නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ
අහසම තරම්
කවිකාර හීනය ලඟින්
දඟකාරකම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්

banner

Leave a Reply