in Bobby KY, D Rulz

පිපුණාද දුර ඈත | Pipunada Dura Atha by Bobby KY ft. D Rulz [2021]

පිපුනාද දුර ඈත
මම හොයනවා තනි රෑක
නුබ ගෙනදුන් තරු හීන
මම හොයනවා ඔබ තවම

රන්සළු ඇදගෙන
නුඹ එන මාවත
වසන්තය වගේ
හරිම හැඩයි

නිල්වන් පාටට
පීදෙන මීදුම
ගෙනඑන්නේ ඔබේ මල් සුවදයි

එක හිතයි තිබ්බේ
තිතක් තියන් නුඹත් ගියා
මතක් කරගන්න බැරි හීන ලග නුඹත් තියා
දෑතින් දෑත අල්ලගන්න හරි දුරත් තියා
ඔබේ මගේ ඈතින්ම
දුරක් ගියේ දුකක් තියා

මේ ආදරේ වේදනාව ඔහොම නම්
කියාගන්න බැරි දේවල්
ලියාගන්නේ කොහොම මං

දුන්නු පෙම්බස් පරදා ඉන්නේ කොහොම මං
සංසාරේ අපේ දයිවේ නවතින්නේ නෑ කොහොමවත්
දුක එක්ක සතුටේ වේදනා වින්දේ මං
නුඹ නැතිව ජීවිතේ වේදනාවක්
වින්දේ මං

සොයා එන්නංකෝ
ලෝකතලේ කිමිද මං
හිස හැරුනු අතේ බලං ගියේ විවිද මං
නුඹයි මගේ ජීවිතේ
තියෙන්නේ එපමණයි
මලත් මතකයි හැගීම්
වපුරන්නේ එතනමයි

මියගියේ නුබ නෙවෙයි මගේ හදවතයි
මරු දිවිකතරක ගෙවී යන්නේ අසරණයි

අර නිල් පාටට පේන
නුඹ තමයි ඒ තනි තරුව
පරවුන මගේ මේ පපුව
හොයනවා නුඹේ රන් සලුව

රූසිරි වරුණා
රුව ඔබගේ
නෑ කවදාවත් මම දුටුවේ
ඉන්නට පැතුවත්
නුඹේ තුරුලේ
ආයේත් නම් නෑ නුඹ එන්නේ

ඔයත් එක්ක මම ගොඩ දුර පහුකලා
කොහෙද ඔයා හොයනවා
මම අද තනිවෙලා
අපි දෙන්නාගේ කතාව නිමවෙලා
හිනැහිලා ඉන්නේ ඔයා
ගොඩක් තරු පිරිවරන්

ඔයා එක්ක මම මවපු ලොකු හීන
රෑ හීනෙන් නුඹේ රුව පේන
අපේ මතක මට කදුලක් ගේන
පියඹලා එන්න මට ඇතිවෙලා මේක
තනිවෙලාම ඉන්නම්
උඹ දිහා බලං දුක් වෙන්නම්

අල්ලගනිද්දී ආයෙත් යයි නම්
කරන්න දෙයක් නෑ මම ඉවසන්නම්

පිපුනාද දුර ඈත
මම හොයනවා තනි රෑක
නුබ ගෙනදුන් තරු හීන
මම හොයනවා ඔබ තවම

රන්සළු ඇදගෙන
නුඹ එන මාවත
වසන්තය වගේ
හරිම හැඩයි

නිල්වන් පාටට
පීදෙන මීදුම
ගෙනඑන්නේ ඔබේ මල් සුවදයි

banner

Leave a Reply