in Nanda Malani, Rohana Weerasinghe, Sunil Edirisinghe, WAYO

රට කරවන්ට නම් Medley | Rata Karawannata Nam Medley by WAYO

රට කරවන්ට නම්
දළදා මැදුර අධිකව මිල කල හැකිය
සිරිමා බෝධියේ ලංසුව පැහැදිලිය
කලුගල් වලට විකුනාගෙන සීගිරිය
සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය

රට කරවන්ට නම්
රට කරවන්ට නම් මසුරං ඇතුව කැටේ
වටිනා කියන දේ විකිනිය යුතුය රටේ
අමන දනන් කෑ ගැසුවත් හතර අතේ
ඒවා නොවික්කොත් අපි හැම මකර කටේ

මිනිසා සුවඳයි මල සේ
නුවණින් එළියයි හිරු සේ
පරවී වැටිලා
ඒ හිරු මල මේ දෙරණේ

පොළවේ උරුමේ කියමින්
බිලිදී විහිඟුම් ගුණදම්
දහසින් මියෙනා සටනින්
අඟලේ හිමිකම් සොයමින්
ලොව නහවා සෝ කඳුලින්
සැනහේ ජය පැන් පුරමින්

මව් තුරුලේ පිපෙන මලට
ලංසු තියෙන නොමිනුසුන්ය
දුප්පතුනගෙ මල් නෙළමින්
ඉසුරු සොයන බැතිමතුන්ය
කිරි දරුවන් විතරක් නොව
මාරුවෙලා කාසි වලට
කොළොම් තොටින් නැව්
නැග්ගේ අපේ රටෙ මනුස්සකම

කොලොම් තොටින් නැව්
නැග්ගා අපේ රටේ මනුස්සකම
කොලොම් තොටට ගොඩ බැස්සේ අමනකමයි ඒ වෙනුවට
කොලොම් තොටින් නැව්
නැග්ගා අපේ රටේ මනුස්සකම
කොලොම් තොටට ගොඩ බැස්සේ

සරු දෙරණ මකා තණ කබල කකා
සිංහයෝ සිඟති එතෙරින්
සිහ රදුනට දා‍වූ සිංහ පැටව්
තුටු වෙද අනුනගෙ ඉඳුලින්

අප ධජයේ ඉන්නා සිංහ පැටව්
පැනයන්නට පෙර මෙරටින්
පිට රටුන් දොරින් දොර සිඟා නොකා
සිත අලස සුවය දුරරින්

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්

තුන් හෙළේ කැලෑ තුළ සිංහ පැටව්
නැත උන් රට අතැර ගොසින්
කොටු කර යදැලින් ඇති සිංහ පැටව්
විළි වැද යති දැක හෙළයන්

banner

Leave a Reply