in Akash Fernando

රූශ්‍රියා | Rusriya by Akash Fernando [2021]

නුඹගේ නෙතේ ඇඳිලා
තිබු ඒ හැඟුම් කියවා
මට මා පවා නැතිවූ දින මා

එක බැල්මකින් නුබ හා
පෑහී නුඹේ හද හා
නොසිතූ ලෙසින් නුඹ හා බැඳුනා

රූශ්‍රියා මා හීන බිඳලා
නෙත් විලේ ඒ හැඟුම් සඟවා
ආයෙ නේනා නාරි රූ ඈ රෑ පුරා මා හිතින් දවනා

කීව නේක චෝදනා
මා තනිව පෙරදා වින්ඳා
ස්නේහේ චංචලයි කියා
නොදැනුනා සේ මා උන්නා
මා මුවේ සිනා ගෙනා
මතකයේ චිතකේ දල්වා
මේ හදින් මිදී මෙදා..

banner

Leave a Reply