කො එන්න දැං පියඹා කන්න මයිනො පාන්
ආවේ රැපෙන් බිදින්න අරන් මං සයිනොෆාම්
රගයි ඉඩෝරෙ ගලන්න සැරෙන් වහිනකම්
බොලාගෙ දින වලන්ගුයි මං බහිනකම්
කීෆා තමයි දෙන්නෙ කලාවට රස මනබැන්දු
මුත්තයියා මං රැපෙන් කරකලා දෙන්නං දගපන්දු
රැප දාන්නේ වෙස්සන්තර මම වෙන්නං සැප දන්දු
මං මල දාට සෙල්ලම කනවැන්දු
වදන් හිග නිසා මෙ රූකඩ ටික වේලි
දෙන්නං රැප පැයෙන් පැය පුවත් වගේ ඩේලි
සෙල්ලම අම්මගෙ පොඩි ලේලි
ඩො මට ලෙඩක් වමනෙටත් එන්නේ තද පේලි
මේ සීනි ඩිමාන්ඩ් වෙන කලක් කා
එන්ඩ දුක නිවා ගමු මලක් ගා
මුං මී වදයකට ගලක් ගා
දුවයි ගන්න බෑ කියයි වලක්වා
මැරුණත් දුකක් නෑ මට මතක් වෙද්දි තනියට ඉන්න බව ඉදතු කනත්තේ
මලානිකද පුතා ආ බොන්න මෙ ඔසු වදන් සැනින් ගතේ අමුතු පනක් දේ
ඇයි මේ මොකෝ මේ කලබලෙන් වගේ මං හිතන්නේ උබට කලන්තේ
මට වැහිලා ඩො ඉන්නේ තනි කොටි අවතාරේ බොලා මග මම ඉන්නේ අනන්තේ
මිට මොලවද්දි වම දකුණ කිව්වා පන අපි මුන්ට දුවනකං ගාමු
චබි මවද්දි නාද රටා කලහකාරි ගති සෙල්ලමෙ රිදෙන්න දග දාමු
අසීමිත සැපක් දෙන හින්දා මෙ කලාවෙ නාමෙන් මගෙ රූපේ බිත්ති වලත් රාමු
මෙ සෙල්ලම බංගලාවක් කෙරුවොත් ලැම්බට දෙන ඉහල පදවිය ඩො හාමු
ගහේ කටු උල් කරන්නේ මොකටද උපතින්ම විසේ මෙ කට නම් ආවේ ආරෙන්
දොර විතරයි බන් මං අරිනකන් බලන් හිටියේ පෙණ ආවේ ඇද්දම තමයි ඩෝටි යාරෙන්
අඩුපාඩු නැත්තේ අදටත් පිං සිද්ද වෙන්නයි අම්මට මෙ ගැම්මට කියන්නේ කොහොමත් වැඩි නහරේ
දැං සෙල්ලම බංගලාවක් නම් මං අනන්ත නිදාගන්න ඇති බං ඒ බංගලාවේ සාලේ
නෑ මං තට්ටු ගෙවල් දැක්කේ නෑ මං දැක්කේ හිර ගෙවල් ඒකයි මට උණ සහලෝලා
ඔව් ඩෝ කොළඹ පම්පෝරි දැම්මොත් අත අරින්නේ කරකෝලා
ඉස්මුරුත්තාව වගේ නම් රිදෙන්න කොකාකෝලා
පංකාදු පහයි කන්න කලින් වෙන්න ගනින් දෝලා
මං මැරඩෝනා වගේ බං රවට්ටං ආතල් එකේ මේකෙ මේකෙන් මඩවන්නේ අඩෝලා අදෝනා
කට මවගෙ කටින් ඉබේ පිටවුනාලු වදන් දීලා නොසන්ඩාලයෙකි පදේ කාසල්
මේ සුරාසැල් වසා ඇති කාලේ වදනින් මත් කලා මෙ කට වරං එද්දි මෙ වචන මෝෂන්
තනි කොටි අවතාරේ පස්සට තිබ්බොත් නම් අඩුයි දෙකක් ගොදුර මර්ඩර්
දැං හොල්මන් මෙ ජවනිකාවේ ඩොක්ටර් නිදි බෙහෙත් උගෙ නින්ද කඩන් රගන ලැම්බා ඩෝ පේෂල්
හොද සීයක් මැද්දේ පෙනෙයි කැපිලා තනි වැරැද්ද
මෙ සෙල්ලම මනමාලි ගුරුතුමා දෑවැද්ද
කෝ නැද්ද මේ ඇද්ද අනෙ ආච්චිගෙ රෙද්ද
අඹ දඹ නෙමෙයි ගෙවල් කිරුලපන මැද්ද
මං කිඹුලා උබ හිකනලා
ගිහින් පැටලි මැරෙන්න එපා විදවලා
හේ..අමුයි නං මං ගන්නං ඉදවලා
ලැම්බා රැප අස්සවන්නේ බොලා ඉන්දවලා
Leave a Reply