in T.M.Jayarathne, Uncategorized

Sanasum Susuman / සැනසුම් සුසුමන් – T.M.Jayarathne

සැනසුම් සුසුමන් පාවීලා
සඳකැන් වතුරෙන් නෑවීලා…
තරුමල් අතරින් රිංගාලා
කොයි යන්නෙද මා තනිකරලා..

රෑ සඳ පානේ – සීතල පවනේ..
නාමල් අරණේ – ලා දළු සෙවනේ..
මා ලයකර ඔබගේ සුව යහනේ..
ගෙවූ අතීතය මතකද මිහිරි…
ගෙවූ අතීතය මතකද මිහිරි…

සැනසුම් සුසුමන්…

දෑසට පෙනෙනා – එකම රුවක් වෙයි
ඒ රුව මා නෙතු අංජනයයි…
ජීවන ගීතේ තනුව වයන්නෙමි
ඈ එනතුරු මා තනිවීලා..
ඈ එනතුරු මා තනිවීලා..

සැනසුම් සුසුමන්…

banner

Leave a Reply