in Raween Kanishka

සඳ නිදන්න | Sanda Nidanna by Raween Kanishka

ම්…ම්….
හා..හා…ම්…ම්….

සඳ නිදන්න.. ඔය ආදර ඇස් දෙකේ

ඉඩ තියන්න.. සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න ඇස් පියන්න
මගෙ ආදරේ හංගන්න
සඳ නිදන්න..

සඳ සීත ගෙන එන්නෙ ආදරේ..
දඟකර නිල් දෑස මානයේ..
ගුලිවෙන්න රතු⁣ රෝස හීනයේ..
ළඟ ඉන්න තුරුලෙම මා ළයේ..
අඩවන් දෑස කිවේ..
ජිව්තේ අරැතමයි සංවරයි මැණික මාගෙ

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න…

සමණලිය තටු සලන යාමයේ..
මල් සුවඳ මකරන්ද මාරුතේ..
දෙතොලතර සුසුම්න්ද මේ රැයේ..
නිල්මල් විලෙන් හීන වෑහුනේ..
මුසපත් සේද යායේ
උණුහුමින් හිත නිවයි පින්සරයි මැණික මගේ

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ

ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න ඇස් පියන්න
මගෙ ආදරේ හංගන්න

සඳ නිදන්න ඔය ආදර ඇස් දෙකේ
ඉඩ තියන්න සුදු සුමුදු මුහුණ පුරා
මට සිඹින්න ඇස් පියන්න
මගෙ ආදරේ හංගන්න
සඳ නිදන්න….

banner

Leave a Reply