in Rookantha Gunathilaka

සඟවන්න ඔය නිල් නුවන් | Sangawanna Oya Nil Nuwan by Rookantha

සඟවන්න ඔය නිල් නුවන්
සැඟවෙන්න මගෙ ඇස් වලින්
ඔබ දුටුවෝතින් යළි
හිත වාවනු බෑ

අහසේ තරු නැති රෑ
සඳ එළියක් නැති රෑ
වළාකුළු අතරේ
සඟවන්න ඔය නිල් නුවන්
මගේ දිහා නොබලා

හමුවුනු ලංවුණු අප පෙම් කතන්දරේ
පැටළුනු දැවටුනු සිතුවිලි සිර කෙරුවේ
ආදරයේ බිඳුවක්වත් අඩුව නොවේ
දෛවයේ සරදම් අප වෙන් කෙරුවේ

සඟවන්න ඔය නිල් නුවන්
සැඟවෙන්න මගෙ ඇස් වලින්
ඔබ දුටුවෝතින් යළි
හිත වාවනු බෑ

කීව කතා තුන් යාමේ මතක් වුනා
කඳුළු ගලා දුටු හීනය බොඳව ගියා
ජීවිතයම අප ළංවී හිඳිමු කියා
පැතූ පැතුම් අප දෙහදේ ඉකි බිඳිනා

සඟවන්න ඔය නිල් නුවන්
සැඟවෙන්න මගෙ ඇස් වලින්
ඔබ දුටුවෝතින් යළි
හිත වාවනු බෑ

banner

Leave a Reply