in Pradeep Rangana

සිහින පායේ | Sihina Paye by Pradeep Rangana

සිහින පායේ මනමාලි මගේ
එන්න ආයේ මේ රාත්‍රි යාමේ
ස්වප්න කිඳුරංගනා
දිනිඳු පායා නැගෙනා තුරා
මා දෑසේ සැතපී ඔය ඉන්නවා ව්‍යාංගනා

හිමකු අරනේ සීත යාමේ ලංවෙලා දෙන්නා
ඈත අහසේ තාරුකා මල් ගනිමු අපි දෙන්නා
ඔබ මගේ විජිතයේ මෙහෙසිදෝ මතුදා

සිහින පායේ මනමාලි මගේ
එන්න ආයේ මේ රාත්‍රි යාමේ
ස්වප්න කිඳුරංගනා
දිනිඳු පායා නැගෙනා තුරා
මා දෑසේ සැතපී ඔය ඉන්නවා ව්‍යාංගනා

ඔබේ දෙනෙතේ කඳුළු පොකුණේ සැඟවිලා හිඳිමී
ඔබේ දෙනෙතේ ඊට පස්සේ මගේ ලොව දකිමී
සඳවතී ඔබ මගේ ජීවිතේ පමණි

සිහින පායේ මනමාලි මගේ
එන්න ආයේ මේ රාත්‍රි යාමේ
ස්වප්න කිඳුරංගනා
දිනිඳු පායා නැගෙනා තුරා
මා දෑසේ සැතපී ඔය ඉන්නවා ව්‍යාංගනා

banner

Leave a Reply