in OOSeven, Sinhala Rap

සියලුම ඇස් මා වෙත | Siyaluma As Ma Wetha by OOSeven [2022]

සුබ ගමන් මං තාමත් ගමනේ
පාරාදීස දූපතේ වැසියන් රමනේ
පරදේස වසංගත එක්ක තාම සටනේ
මේ හිතත් එක්ක සටන ආලවක දමනේ

අත්පොලසන් මං වෙනුවෙන්
හැමදේම අනුව දැන් මේ තනුවෙන්
කැපකලා ඔල්වරසන් හඩ වෙනුවෙන් දෙවල් මං පිට යන්නෑ කවදාවත් තනුවෙන්

ඔව් මාත් ගොනා වික්කා
වෙනස් උනා මිනිස්සු හිත රිද්දා
දුවන්නේ වේගෙන් තරගෙට ඇස් දෙකෙන් දැක්කා මේ අවසාන ඉත්තා බුරන්නේ මට බල්ලෙක් වෙලා හෙමින් බලු මැක්කා

අනුන්ට දුන්නා උපදෙස්
කැපුවා ඉනි ගගට ගානට හිසකෙස්
වැදි රජා ඉදිරියේදි මං මනමේ
අසරණ උනා මේ හිත නිකෙලෙස්

ඔව් මෙකත් නැත්තන් කන්න වෙන්නෙ පස්
හෙමින් කඩන් වැටෙවි මුල හයිය නැති ගස්
නිකරුණේ මං ගෙවා දැම්මා දින ගනන් දාස්
කතාව පටන් ගත්ත විදිහ නෙමෙ දැන් වෙනස්

මං ආරාධනාවක් කලා ගලන් එන්න පද පේලි එකදිගට මායාවෙන් ගැලපේවී
මං මායාවක් කලා
අත්බුතයි මේ Genie මේ ලොකේ මදාවි එක්ක ඉන්නේ නුලෙන් බේරී

දැන් ලා ල ල ලා
පවට පින දෙන්න බැ දැන් මට
දුරගියා වැඩි වහගන්න කට
හරි වේදනයි මට
අමතක මතක නවති පොලවට යට

මං එන්නම් හරි තැනදි අල්ල ගන්න බැරි දුර හීන එක්ක නැවතී මේ නැව අරන් යන්නේ දිසාවටයි මම කැමති
සුබ උපන් දිනක් මට වෙනස් උනා හරි තැනදි

ආ බලන් ඉන්නෙ අවදානෙන්
ආ මියදෙන්නේ සාමදානෙන්
ආ හිතේ ඇති අවසානේ
සියලුම ඇස් මා වෙත අනිවාර්යයෙන්

ආ බලන් ඉන්නෙ අවදානෙන්
ආ මියදෙන්නේ සාමදානෙන්
ආ හිතේ ඇති අවසානේ
සියලුම ඇස් මා වෙත අනිවාර්යයෙන්

Written by OOSeven

banner

Leave a Reply