in Damith Asanka

සොරබොර වැව | Sorabora Wawa by Damith Asanka

සොරබොර වැව රන් දියවර බහින ඉරට පෙම් බැඳගෙන
ලෙන්ගතුකම වාන් දමනවා නිල් මානෙල් කැකුලිය නුඹ
වෑකණ්ඩියේ උන්නා මම මතකද මම වැදි කුමාරයා

සිංහල රජ කුමාරවරු රෑන් පිටින් වැව අද්දර
නුඹ නෙලන්න දියට බහිනවා
දිය ගැඹුරුයි කියාපන් මඩ බොහෝමැයි කියාපන්
ඔහොම බලා ඉද්දි හිත පුකුරු ගහනවා

සොරබොර වැව රන් දියවර බහින ඉරට පෙම් බැඳගෙන
ලෙන්ගතුකම වාන් දමනවා නිල් මානෙල් කැකුලිය නුඹ
වෑකණ්ඩියේ උන්නා මම මතකද මම වැදි කුමාරයා

දඹ රන් ගෑ අරුමෝසම් හැඩ පිත්තල පාකුඩම්
අව්වට ඇස් නිලා කරනවා දුනු දිය අහසට විදින්න
වටු රෑනට හී විදින්න වාන් දමන හිත යට
දිය සුලි කැරකෙනවා

සොරබොර වැව රන් දියවර බහින ඉරට පෙම් බැඳගෙන
ලෙන්ගතුකම වාන් දමනවා නිල් මානෙල් කැකුලිය නුඹ
වෑකණ්ඩියේ උන්නා මම මතකද මම වැදි කුමාරයා

banner

Leave a Reply