in W. D. Amaradewa

සුදු නෙළුම කෝ | Sudu Neluma Ko by W. D. Amaradewa

සුදු නෙළුම කෝ
සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වක
මල් නෙළා විකිණූ පන්සලේ


වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝවුණා
වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝවුණා

නෙළූ මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පා වුණා


සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ

සිහින් සිරි පොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා


සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වක
මල් නෙළා විකිණූ පන්සලේ

සුදු නෙළුම කෝ

banner

Leave a Reply