අද නම් මා හද | Ada Nam Ma Hada by Raween Kanishka & Kalpana

අද නම් මා හද
ඉවසුම් නෑ
සොයුරේ පෙම දැණුනා
හැගුමන් පායනවාදෝ
මංගල මුදු පළදා

එක ලේ පැහැයයි සිරැරේ පුරා
සොයුරේ නුඹ මගේ පණයි සදා

සතුටින් ඉනු මැන
දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා

අයදිම් සමාව මා සැමදා
සිදුවී ඇතොත් වරදක්
ඔබගේ ලගින්ම මා
මතු රැදි නොබිදී උතුම් හැගුමන්

පෙරුමන් පුරාන ආවදෝ
මා සොයුරුමේ සොදුරු.
මේ ලෙසින් අපි අපේම වී
සසරේ බැදී

සසරේ පුරාම මා පතනා
සොයුරේ ඔබයි සොදුරු
ඔබගේ දයාව ප්‍රේමය රැදි
මතකයි සෙනේ පිරුනූ

පෙරුමන් පුරාන ආවදෝ
මා සොයුරුමේ සොදුරු
මේ ලෙසින් අපි අපේම වී
සසරේ බැදී

සතුටින් ඉනු මැන
දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා
සතුටින් ඉනු මැන
දිවිය පුරාවට
නිදුකින් මතු සැමදා