ඉගි බිගි දගකාර | Ingi Bingi Dangakara by Dushan Jayathilaka | Mathakayan Album [2012]

ඉගි බිගි දගකාර නෙතයි
ඉග සුග මනහාර රුවයි
ඉගි බිගි දගකාර නෙතයි
ඉග සුග මනහාර රුවයි

උකුලු මුකුලු මනමාල කතා
සලිත ලලිත පෙම් නාරි ලතා
උකුලු මුකුලු මනමාල කතා
සලිත ලලිත පෙම් නාරි ලතා

මල්සර මල් මන්දිරේද
පදිංචි නංගෝ
මල්සර මල් මන්දිරේද
පදිංචි නංගෝ
මල්සර මල් මන්දිරේද
පදිංචි නංගෝ

ලලිත රටා
ලලිත ලතා හංස ගමන රටක් වටී ලූ
අහංකාර මොනරි බැල්ම
අමල් බිසෝ වගේ ලූ
මගේ හිතේ තාල සයුර
මගේ හිතේ තාල සයුර
තරංග රැල්ල පාලු

මල්සර මල් මන්දිරේද
පදිංචි නංගෝ
මල්සර මල් මන්දිරේද
පදිංචි නංගෝ
මල්සර මල් මන්දිරේද
පදිංචි නංගෝ

හිත ඇති නම්
හිත ඇති නම්
පත කුඩාද
කියා හිතෙන්නේ
හිතට හිතක් හිනැහුනාම
ඔබයි මායි වගේ
මංගල මල් හිනාපොදක්
මංගල මල් හිනාපොදක්
ඇයිද නගෝ නොදෙන්නේ

මල්සර මල් මන්දිරේද
පදිංචි නංගෝ
මල්සර මල් මන්දිරේද
පදිංචි නංගෝ
මල්සර මල් මන්දිරේද
පදිංචි නංගෝ

ඉගි බිගි දගකාර නෙතයි
ඉග සුග මනහාර රුවයි
ඉගි බිගි දගකාර නෙතයි
ඉග සුග මනහාර රුවයි

උකුලු මුකුලු මනමාල කතා
සලිත ලලිත පෙම් නාරි ලතා
උකුලු මුකුලු මනමාල කතා
සලිත ලලිත පෙම් නාරි ලතා

මල්සර මල් මන්දිරේද
පදිංචි නංගෝ
මල්සර මල් මන්දිරේද
පදිංචි නංගෝ
මල්සර මල් මන්දිරේද
පදිංචි නංගෝ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here