කවුරුන්දෝ | Kawrundo by Channuka Devnindu [2019]

සුරගනක් දෝ ඇ, සුර ලොවින් ආ
මා හද සොරාගත්තෙ ඇ දුටු සැනින් කෙලෙසදෝ
දෙව්ලියක් දො ඇ දෙව් ලොවින් ආ
මුවගින් සිනා පා ඇ මුලු ලොව එලිය කෙරුවා දෝ

සිහිනේ මා පැතූ කුමරිය ඔබය්
ඔබෙ නීල නුවන් මා උමතු කරය්
කෙලිලෝල බැලුම් සිත කිති කවය්
ඔබ සිහිනයක් ද තවමත් සැකය්

කවුරුන්දෝ ඔබ මැව්වේ
සුර ලොකෙන් ද ඔබ අවේ
මග වැරදී ද මෙහිඅවේ
දෙව්ලිය වෙන්න ඔබ මාගේ

සිහිනේ පෑයූ ඈ
නොපෙනී ගියා
අලෝකයක් මෙන් දැල්වී
මා ලොව එලිය කෙරුවාදෝ
සුරගනක් වී ඈ
සිහිනයෙන් මා හා…
ගී ගයන්නේ ඈ
වීණා පරදවා දෝ

සිහිනේ මා පැතූ කුමරිය ඔබය්
ඔබෙ නීල නුවන් මා උමතු කරය්
කෙලිලෝල බැලුම් සිත කිති කවය්
ඔබ සිහිනයක් ද තවමත් සැකය්

කවුරුන්දෝ ඔබ මැව්වේ
සුර ලොකෙන් ද ඔබ අවේ
මග වැරදී ද මෙහිඅවේ
දෙව්ලිය වෙන්න ඔබ මාගේ