ක්ෂේමයේ නගරේ | Kshemaye Nagare by Hiran Kanchana ft. Tharindu Damsara [2019]

වාළුකාවේ දැවෙන විහඟුන්
කතරේ සොයනා
ක්ෂේමයේ නගරේ
අහස කලතා
ඔවුන් සොයනා
ක්ෂේමයේ නගරේ

රුඳුරු ගිනිසිළු
ඔවුන් සිඳලයි
කතරේ මරුවැල් ඔවුන් කැඳවයි
ඉතිරි වූ ඒ ළයේ ජීවය
මිරිගු සේයාවකට රැවටෙයි

මිරිඟු දඩයම
අරඹනා විට
තුඩැඟි රැදි ඒ ළයේ ජීවය
වාළුකාවක දමා තනිකර
යලිඳු පියඹයි සොයා ක්ෂේමය

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here