තනියම | Thaniyama by Methun SK ft. Kanchana Anuradhi [2020]

රාත්‍රියක ඇති අරුමය
කිමැයි සිතා
බලා හිටියා මම
තනියම අහස දිහා
අන්ධකාරේ පහසේ තුරුලු වෙලා
හද එළිය වින්දේ තනියම
තරු ගනන් කෙරුවේ තනියම
ඉන්න බැරි තැන එකම මොහොතක
ඔබ මතක් කෙරුවේ තනියම

ආත්ම දහසක උරුමය ඔබයි සිතා
බලා හිටියා තව භවයක් ඇතැයි කියා
මංමුලාවූ හැගුමක තුරුලු වෙලා
ගව් ගනන් දුර ආවේ තනියම
දිනගනන් කෙරුවේ තනියම
එදින නොඑනා බවද දැනගෙන
කදුළු බිදුවක් වැටුනේ තනියම

රාත්‍රියක ඇති අරුමය
කිමැයි සිතා
බලා හිටියා අපි
දෙතැනක අහස දිහා
අන්ධකාරේ පහසේ තුරුලු වෙලා
හද එළිය වින්දේ තනියම
තරු ගනන් කෙරුවේ තනියම
ඉන්න බැරි තැන එකම මොහොතක
ඔබ මතක් කෙරුවේ තනියම

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here