සැවැන්දරී | Sawandari by Sangeeth Wijesuriya

සැවැන්දරී හොරහින් අඬගැසුවා
අවංක මං එතනම ගල් ගැසුනා
සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා
විල්ලුද ඇතිරෑ පොළවේ ගැසුවා

සිහිනෙන් ද සංවාද දහසින් කෙරැවා
සංගීත සන්ධ්යාව සේ රස පිරුණා
තනියෙන් මුමුණා තනියෙන් අමුණා

නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මඟහැරැණා
නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මඟහැරැණා

සැවැන්දරී හොරහින් අඬගැසුවා
අවංක මං එතනම ගල් ගැසුනා

සැවැන්දරා සුවඳින් මණ විඳිනා
අනන්ත වූ ප්රේමෙන් මම හැදුනා
නිරන්තරේ සියොලඟ පිරිමදිනා
කතන්දරේකට නුඹ මුල් පිරැවා

සිහිනෙන් ද සංවාද දහසින් විසඳා
සංගීත සන්ධ්යාව සේ රස පිරුණා
තනියෙන් හිනැහී තනියෙන් හඬලා

නුඹ ගැන හිතලා නුඹටම ගයලා
සසරේ දුක මඟහැරැණා
නුඹ ගැන හිතලා නුඹටම ගයලා
සසරේ දුක මඟහැරැණා

සැවැන්දරා සුවඳින් විඳිනා
අනන්ත වූ ප්රේමෙන් මම හැදුනා

සැවැන්දරී හොරහින් අඬගැසුවා
අවංක මං එතනම ගල් ගැසුනා
සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා
විල්ලුද ඇතිරෑ පොළවේ ගැසුවා

සිහිනෙන් ද සංවාද දහසින් කෙරැවා
සංගීත සන්ධ්යාව සේ රස පිරුණා
තනියෙන් මුමණා තනියෙන් අමුණා

නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මඟහැරැණා
නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මඟහැරැණා

සැවැන්දරී හොරහින් අඬගැසුවා
අවංක මං එතනම ගල් ගැසුනා

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here