සුළඟ නුඹ වගේ | Sulanga Numba Wage by Karunarathna Divulgane

සුළඟ නුඹ වගේ
සිත් මල වටා එතෙයි…
මල් සුවඳ හොර හොරෙන් අරන්
යන්නටම හදයි…
වැස්ස නුඹ වගේ
සිත් මලට ඇද වැටෙයි…
මලේ පාට නොසේදීම
පුදුමයක් තමයි…

සිත හැඳිනුවෙත් නුඹයි
පසු පසම එලව එලවා විත්
සැනසුවෙත් නුඹයි…
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි…

සිත තනි කළෙත් නුඹයි
මගෙ හිතේ සියුම් තැන් සොය සොය
රිදෙව්වෙත් නුඹයි…
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි…