අපේ කතාව | Ape Kathawa by Yomal Samarakoon ft. Tharindu Damsara [2018]

සංසාරයේ පෙම් නැවතුම් පොලේ
අපි හමුවීලා නොදොඩා ඉමු
සිහින තුහින මල් හැලෙන පාරේ
තුරුපත් අගින් පින්න විසිරේ
කෙහෙරැල් අතර මුවග සැඟවේ
කෝල සේ…
අපි හමුවීලා නොදොඩා ඉමූ….

අහසේ නුඹ තියලා බලාගෙන
නෙත් පියන්වත් නොලා
හිදින් නුඹ ලඟ නතරවෙන්නම්
කෝල බැල්මෙන් නුරා
ඉතින් අත් පටලවා යනකොට
ඉසුරුමුණියට පවා
සත්තකයි ඉරිසියාවක් ඇති
නොමල ප්‍රේමය නිසා….

ඉල් මහේ නිලි වැස්ස අරගෙන
නැකැත් දවසක් බලා
අපි අපේ වග ලොවට කියමුද
තවත් කුමටද පමා
හඬ නඟා මොනවා කියන්නද
ඇස්වහට ඉඩ තියා
සංසාරයේ ඉම දකිනකම් අපි
හමුවීලා නොදොඬා ඉමූ….

 

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here