ගගනගාමි | Gaganagami by Ayeshmantha, Tikx Kooda

හැමදාම අලුත් දවසක් කරන් මේ ලෝකේ
හොඳයි කියා හැමදේම හිතන්නයි මට ඕනේ
කලුවර වළාකුලේ රිදී ඉරි හොයන්න
ඒවා එකතු කරන් මගේ කතාව ලියන්න
හිනාවෙන්නයි මට ඕනි
වෙනස් කරන්නේ කෝණේ
බලන්න දිහා ලෝකේ
හිනාවත් එක්ක ශෝකේ
පුදුමයි ජීවිතේ
විඳින්නයි ඕනේ
තරඟයක් මම දැන් යන ගමන පැහැදිලි
තාමත් මතකයන් එක්ක තැවෙන් නෑ දැන් රැවටිලි
මොන තරම් ලෝකේ බාධක
යන්නේ ඇති පාරක
කළුවර පාරක එළියක් හොයන් මම හොයන්නේ
අලුත් ගමනක් පටන් ගන්න එන්න
හීනත් එක්ක පාවී දුරට යන්න
ලැබෙන්නේ එක වතාවයි තීරණ ගන්න
හිනාවෙලා බාධක මැද්දෙන් හීනෙට යන්න

මගේ ආශ්වාදේ හඬ මට ඇහුනා
ලොව සිනාවේවී සිටි බව දුටුවා
ගගනගාමියෙකු හඳ මත මා
පය තැබූ සිහිනේ ඇස් බැන්දූ
මගේ පියාසැරියේ කාලේ අහසේ රැන්දූ

සීතල රෑ මගේ ලෝකෙ පියඹන්
වේදනාව නිමවෙන්නේ නැති නම්
දරාගන්න හිතුවා මන් මෙතරම්
හිනැහෙන්න ඕනි මට වේදනාව පරදන්
හැමදේම වෙන්නේ හොඳකටයි ඒත්
හැමදේම අපිටමයි වෙන්නේ හැමදේ
ගතවෙන්නේ දින ජීවිතේ
එක දවසක මේ හැමදේම නිමවේ
අමතක කළා මන්
නපුරු මතක එක පෙළට අතුරන් යේ
සතුට ගැන හිතුව මන්
හොඳ දවසක් ඒවි කියා සිතේ අදනම්
සඳ නැති රෑ
දහස් ගනන් තරු තිබුණට ඵල නෑ
අහසක සිත තනිවෙන මේ රෑ
විඳවීම ගැන කවි ලියනවා තව සිතුවිලි නෑ

මගේ ආශ්වාදේ හඬ මට ඇහුනා
ලොව සිනාවේවී සිටි බව දුටුවා
ගගනගාමියෙකු හඳ මත මා
පය තැබූ සිහිනේ ඇස් බැන්දූ
මගේ පියාසැරියේ කාලේ අහසේ රැන්දූ

written by Tikx Kooda, Dewdu H Karunarathne, Oneesha & OOSeven

නිම්තෙරේ | Nimthere by Ayeshmantha ft. Zany Inzane & Shehara

ඔබ මා හද බැඳුනා
දුටු දා සිත මා
ආයේ කිසිදා හමු නොවෙනා
ලෙස මා සිත බිඳුනා
ඔබ මා හද බැඳුනා
දුටු දා සිත මා
ආයේ කිසිදා හමු නොවෙනා
ලෙස මා සිත බිඳුනා

දුරස් වුණා වේගෙන් ඇස් පිල්ලමේ
ඇරයුමක්ද නුඹ දෑසින් කළේ
හමු නොවේද යළි මේ නිම්තෙරේ
ඇයි ආරම්භෙකදිම අවසන් කළේ
පිපුනේ නෑ රෝස මල් මේ අපායේ
සීතල කළා නුඹ ලාවා මේ අපායේ
අඳුර නසාගෙන පැමිණි ආලෝක ධාරාවක් නුඹ
සිරගතවුණ ආත්මේ නිදහස් කළා මගේ
මට දැනෙන්නේ අලුතෙන් ඉපදුණා වගේ
ගිනියෙම දැවුණු ඉරි තැළුණු මහ පොළව සිපගත් මහා වර්ෂාවක් වගේ
දළුලාගෙන පැමිණි ආලේ හදවත පසා කරන්
මට ඇති නුඹ වචනයක් කතා කරත්
හැමුවත් සුළගක් නුපුරුදු දිශාවකින් සැනසීමක් එය
විඩාවෙන් ගැලවීමට මනසේ
මට ඕනේ ජීවත් වෙන්න ඒ දවසේ
ආපස්සට හරවන්න කාලය
මට නුඹට කියන්න තියෙනවා බොහෝදේ

දුර නම් නුඹගෙන් වෙන් වී යාමයි
දුක නම් දුර ගිය සිත ගෙන්වීමයි
දුර නම් නුඹගෙන් වෙන් වී යාමයි
දුක නම් දුර ගිය සිත ගෙන්වීමයි

ආගන්තුක හැඟීමක්
කිසි දා බලාපොරොත්තු නොවූ
මං ඇබ්බැහි වෙලා
අද මනෝ ලෝකයක තනිවෙලා
සිතිවිලිවල ආලය මුසු වෙලා
හමු නොවේද හමු වේද යළි ඒ රුව හිමි නොවේද හිමි වේද
මට ඒ රුව අවිනිශ්චිතයි
මේ දෛවය
නමුත් ආරම්භය පමණයි මෙය
සිතිජයක් නොවුනොතින්
ඇති නුඹ මගේ
සාගරේට ගෑවි නොගෑවෙන තරමට
ළංව හිඳින මිරිඟුවක් සේ
වෙන මන්දාකිණියක දුරක් සේ
නුඹ කළු සුදු හීනෙක වර්ණ ඡායාවක්
දුටු සැනින්ම කැපී පේන
මම දැක්කා එදා නුඹේ ඇස්වල තිබුණා කියාගන්න බැරි හුඟක් දේ

ඔබ මා හද බැඳුනා
දුටු දා සිත මා
ආයේ කිසිදා හමු නොවෙනා
ලෙස මා සිත බිඳුනා
ඔබ මා හද බැඳුනා
දුටු දා සිත මා
ආයේ කිසිදා හමු නොවෙනා
ලෙස මා සිත බිඳුනා

දුර නම් නුඹගෙන් වෙන් වී යාමයි
දුක නම් දුර ගිය සිත ගෙන්වීමයි
දුර නම් නුඹගෙන් වෙන් වී යාමයි
දුක නම් දුර ගිය සිත ගෙන්වීමයි

ayeshmantha song lyrics , ayeshmantha pawena jaathi lyrics, zany, ayeshmantha,ayeshmanthanewrap,sinhala rap,asura kaavya,sinhala songs,sinhala rap songs lyrics,zany,sinhala rap new 2020,sri lanaka rap songs,apehadakam,sinhala rap 2020,sinahala rap,pawena jathi,todaynewsong,sinhala rap karoke,theweni manya,music sinhala,sinhala music,sri lanakan hip hop,richmond castle kaluthara,sinhalarap2022,sri lanakn new songs,zanysongs,sad instrumental,sri lankan music,zany inzane,srilanknnew,sinahala rap fast rap,newsong,nimthere

පාවෙන ජාති | Pawena Jathi by Zany Inzane ft. Ayeshmantha [2022]

පාවෙන ජාති
වැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී
මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති
මට ඕනි මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී
වැඩි වාසී ලැබෙනවනං
ඕනම දේකට දෙවියොත් සාක්කි
මේ සෙල්ලම මාරම ආතල් නවකයො වැටුණම අහසින්
අපි දැඟලුවේ හැමදාම එළිපිට උබලනං රැඟුවෙම රහසින්
එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින්
මට සෙට් නෑ උඹලගේ තාලේ

කවදාවත් නෑ මං තනි මෝඩයෝ එක්ක විවාද කළේ
කවදාවත් නෑ මං අඩුපාඩු වලට අපහාස කළේ
සීමාවට ළං වුණ හින්දා මරණෙ අවවාද කළේ
නෑ කිසිම දෙයක් මම වාසනාවකට භාර කළේ
කවදාවත් නෑ මං තනි මෝඩයෝ එක්ක විවාද කළේ
කවදාවත් නෑ මං අඩුපාඩු වලට අපහාස කළේ
සීමාවට ළං වුණ හින්දා මරණේ අවවාද කළේ
නෑ කිසිම දෙයක් මම වාසනාවකට භාර කළේ
තෙවනිමානෙන් අපි දැක්ක දේවල් මාර වෙනස්
මාර වර්ණ රූප සිද්ධි හීන වගේ
පාවී ගියා තුළ ක්ෂීරපථේ
උබෙ මනස තමයි දොරේ යතුර
මම එබිලා බැලුවා මගේ පතුල
ඉපදෙද්දි ඝණේ සුර අසුර
වෙනසක් නෑ හැබැයි ඇඟ ඇතුල
පවතින්නේ නෑ දෙයක් සදාකාලික
මේ රටාව අස්වාභාවික
හැම දවසෙම පොළියත් එක්කම ගෙව්වා මං
කරපු කර්මේ වාරික
නිග මේක වෙනම දිශාවක්
සන්නද්ධ කරපු අසුර සේනාවක්

පාවෙන ජාති
වැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී
මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති
මට ඕනෙ මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී
වැඩි වාසී ලැබෙනවා නම්
ඕනම දේකට දෙවියොත් සාක්කි
මේ සෙල්ලම මාරම ආතල් නවකයො වැටුණම අහසින්
අපි දැඟලුවෙ හැමදාම එළිපිට උඹලනං රැඟුවෙම රහසින්
එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින්
මට සෙට් නෑ උඹලගේ තාලේ

රාමු කඩා පිට වුණා මා
හැමදෙනා විවේචණේ කළා මා
නිග සීමා නෑ මේක කලාවක්
උඹ බෑ කිව්ව දේවල් කළා මං
මඟ හේවිසි පෙරහැර දැන් ළ‍ඟ ළඟ
අඩුපාඩු කියන්න කට මැද මැද
උඹ ඉන්න බව මම දන්නවා
මම හතුරගෙනුත් වැඩ ගන්නවා
මේක තමයි ලෝකෙ ස්වභාවේ
හොඳ නරකයි මැන්නේ තුලාවේ
තුලාව නම් අපි කරාපු කර්මේ
දැන් Rappersලයි කියන්නේ ධර්මේ
කාපු කට්ට ගැන දේශනා දෙන උන්
කාලා නෑ බන් මේකේ රියල් කටු
බොරු බයිලා එපා බන් ඒකයි උඹලගේ
වදන් වල කොලිටියත් අඩු
පාවෙන ජාති

වැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී
මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති
මට ඕනෙ මේ ජීවිතෙ ආතල් බල්ලොවත් කන්නෙ නෑ කාසී
වැඩි වාසී ලැබෙනවා නම්
ඕනම දේකට දෙවියොත් සාක්කි
මේ සෙල්ලම මාරම ආතල් නවකයො වැටුණම අහසින්
අපි දැඟලුවෙ හැමදාම එළිපිට උඹල නම් රැඟුවෙම රහසින්
එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින්
මට සෙට් නෑ උඹලගේ තාලේ

ලෝදිය | Lodiya by Ayeshmantha ft. OOSeven, BMG & BEE [2021]

නන්නත්තාරයි මගේ ජීවිතේ විකාරයි
ගෙවී ගියෙ තාම කාලයි
ඒත් දැන් වෙලාව හමාරයි
එක දෙයක් එක පාරයි
තාම හිත මනමාලයි
කාලෙ කෑව හැටි මාරයි
අපි අපෙ වල හාරයි
කතාව ලිවුවා මන් අලුතෙන් අදුරෙන්
වෙන හැමදේම දරා ගත්තා මන් සතුටෙන්
ඉන්නෙ මන් ගෙවෙනවා මුලු දවසම නොදැනිම
ගීතෙන් සන්ගීතෙන්

නිවනට යන මග
කොහොම ද කිරි සයුරක
සුදු කොඩි ලෙල දෙන විට
රට හැමතැන වෙඩි මුර
ලෝදිය කවද ද පෙම් කලේ ගිනි පුපුරට
ගල් බිම් වලට පණ දෙනවද අද
යන්නට පෙර හෙට නොවෙ අද
හිත බොරුවට කයිවාරු කමට
මගෙ කට කියවයි අද බොට

හොල්මන් එක්කලා සෙල්ලම් දැම්මා කාලයක්
පල්ලම් බැහැලා ඉන්නෙ මුලා වෙලා මාරයක්
කොල්ලා දැක්කත් ඇබරෙන්නෙ නැහැ මුන්ට චාරයක්
දැක්ක දේවල් කිවුවා මම දෙන්නම් මං විචාරයක්
කාටත් දැනන් ඉන්නෙ අපි ගැන
මේක නිල් පාටක්
එක එපා කේස් කිව්වා අපි කාටත්
වෙස්ට් එක තාමත් එකට ඉන්නේ
ඕනම තැනක බහින මං මාවත් මාවත්

රැවටුනු සිත් මන්දාකිනි වල
බොරුවට කියවන රට ගැන නිකමට
බල්ලො බිරුවට හද ගියෙ නැත පහලට
පැහැදිලි දැන් වට පිට
නිවි නිවි දැල්වෙන තරු වලට යන්න
සසරක් අපි පෙරුම් පිරූ
හෙවනට සෙවනයි මමයි
හොයපු පදුරු වලට ගල් ගැහුවෙත් කරුලූ

නොදැන කියන හතර කටට
මල් සින්දුව නෑ අඬන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්න කනට හොඳට
නොදැන කියන හතර කටට
මල් සින්දුව නෑ අඬන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්න කනට හොඳට

BMG පරන පාසලෙ මිතුරා
වදන ගිනි අවි අරන් ආවෙ පතුරාන්
ඇවිද්දා මතකයි අපි එක පාරේ
දුක දැක්කොත් දුවන් එන්නේ නිරතුරු මිතුරා
ගෙවී ගියෙ නෑ තාම ජීවිතේ භාගයක්වත්
කල කිරී ඉන්න නිසා දැම්මා සාදයක්වත්
හැමොටම කලා ගරු ඒකෙ නැතේ කොක්කක්
තේරුන්නැති ජීවිතේ වගේ දැන් කනත්තක්
අඳුරට බැනපු අපි ඉර වට කරගෙන
කලේ බොරු විහිලූ
කරුමෙට කවට කමට පැත්තට
පැන්නම වදන් පිහි වගේලූ
පිලිලයකට දෙනවද අපි හිත
නවතින්න පෙර දෙවරක් සිතනු
රිදුමට පෙර හිත වගකිව යුතු
අය දැන් මේකේ ජීවත් වෙන්නේ නැතිලු

වෙන්නේ මන් මුලා රොන් ගන්නෑ මල තලා
බැස්සොත් මම කරමල විස නියගලා
නෑ කාවත් අන්ඩ වෙලා ආසයි කරන්න කලා
නෑ මන්නම් වැලපිලා සැපේ ඉන්නේ හිනහිලා
මේක කනපිට හැරෙනවා ළඟදීම
මේ හීන හැබෑවෙන්න කල් නෑ නැවතීම
කලාවයි මමයි හැමදා ගැලපීම
මම මැරෙන දවස මේකේ නැවතීම නිග

ලඳ බිඳ වලඳ සමග කෙලී ඔලිඳ පිලි
නැති කිලි මුල දිරවයි මැටි පිලිම තියන
හදීසියට ඔය දෙමාපියන් පලිද
මොකද උනේ එදා වැලේ තෙමුනද සරම
කලකිරුනද හිත දැන් ෆ්‍රෝ
කල එනකම් කවුරුත් එන්නැති නිසාද බ්‍රෝ
හෙවනැල්ලට බයේ දුවන
මිනිසුන්ට නිවනක් රටේ
කොහෙන්ද ඩෝ…….

නොදැන කියන හතර කටට
මල් සින්දුව නෑ අඬන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්නේ කනට හොඳට
නොදැන කියන හතර කටට
මල් සින්දුව නෑ අඬන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්නේ කනට හොඳට

තෙවෙනි මානය | Theweni Manaya by Ayeshmantha ft. OOSeven & Zany

ඇවිදින්නේ තනියම
නැහැ මට තදියම
ඇවිල්ල නැහැ බං
අපි සෙල්ලමේ අනුන්ගේ පාරේ

මනින්නෙපා හැමදේම පිටින් අපරාදේ
වෙන්නම රහට ඇති ඇතුලෙන්හරි

කිරි පෙව්වේ දැනගෙන සර්පයන්ට
අපිට කෙලින්න ආවොත්
කෙලින්ම කඩන්නේ දලේ

අමාරුවෙන් ගොඩගත්තා
හෙල රැප් නැව
ඇස්පනාපිට ඩෝ බොලා තමයි
සිදුරු කලේ

වටින්නේම හිත නිස්කලංක
හිත මතුවෙන අදහස ඉස්තරම්ම
අපි කැමතිම නිදහසේ හුස්ම ගන්න
අඩෝ පිස්සුද වාසනාව මිස් කරන්න

මචං මලමිනි කාරනාව හිස් කරන්න
ඊට පස්සේ උඹේ හීනෙ හැබෑ කරගන්න ඕනෙ විදි
සැතපෙන්න සැනසීමෙන්
මැරෙන්න කලින් තියපං නම
අල්ලන්න හිතන්න බැරි

කොටු කලේ සල්ලී රාමුව දෝ
ගලනවා තොටියට පාරුව කෝ
වෙන් කලේ අපි කාලය දෝ
අඩෝ පොඩි කාලේ ලග හිටි
යාලුවෝ කෝ

අනදෙන්නේ මට මාරයා දෝ
වින්දේ වස විස මෙහි අවසානය කෝ
අපේ ජීවිතේ සිතාරය දෝ
අපි වයනවා හැබැයි මේකේ තාලය කෝ

කඩන්නේ ප්‍රශ්න නියපොත්තෙන්
මොකටද අතට ගන්නේ නිකන් පොරව
හිටගනින් බය නැතුව මගේ පැත්තෙන්
වරදින්න දෙන්නෙ නෑ මම කවදාවත් උබට

ඇවිදින්නේ අවදානෙන්
තිරිසන්නු මැද්දෙන්
මෝහනය උනේ නෑ මං වැද්දන්ගේ බනට

අන්ධකාර හෙවනැල්ල මගේ පිටිපස්සෙන්
මගේ මේ ආදරේ ලෙන්ගතු බවට

අපි තනියම ගමනක පාර හදන්
කට පාඩම් උබලට දීපු වදන්
අපි පිලිවෙලකට ආවේ ගලන්
නුඹ අහස ගැන කිව්වේ පොළව බලන්

ගියේ නෑ මග නතරකරන්
මේ හීන මැරෙන්නේ අපිව මරන්
මේක තමයි හොදම ගැලපීම
යන්නේ නෑ මේ බැදීම කඩන්

අපි තනියම ගමනක පාර හදන්
කට පාඩම් උබලට දීපු වදන්
අපි පිලිවෙලකට ආවේ ගලන්
නුඹ අහස ගැන කිව්වේ පොළව බලන්

ගියේ නෑ මග නතරකරන්
මේ හීන මැරෙන්නේ අපිව මරන්
මේක තමයි හොදම ගැලපීම
යන්නේ නෑ මේ බැදීම කඩන්

මගේ කටහඩ මුසුවෙන්නේ මද පවනට
ගෝශාව කන් රිදෙන තරමට ඇසේ
පසුතැව්ලි තොර මරණ පතන්නේ නිතර
අවසන් ගමනට මගේ

මං වැටුනා කබලෙන් ලිපට
ලැබුන හැමදේම නැති උනා
කරුමෙටම වගේ

පතන්නේ හැම දවස සුබ වෙන්න කියලා
කාටද ඇහෙන්නේ කටහඩ මගේ
ජීවිත රග මඩලේ බිදුනු කැඩපත
අපි කැමති අය අපිව දාලා යනවා

වෙන් වෙන්න වෙනවා
අකමැත්තෙන් පිලි ගන්න වෙනවා

හද මැද්දෙන්
බලාපොරොත්තු බ්දෙන තැන නැවත ඉපදීම
තනියම කලුවරේ කෑ ගහලා කිව්ව
කැමතිම සිංදුව සද්දෙන්

දුකට ලිව්වා සිංදු
කැඩුනම පොරොන්දු

මතන පොත පිරෙව්වා
කදුලු වලින්ම
කවදද ලැබෙන්නේ
නිදහස මං

හිරවෙලා මේක හිත සතුටෙන් රැන්දූ
සිනහව කැන්දූ
ඉපදීම දුකක් බව වැටහුනා

දැන් අපි මොනා කරන්නද
පැටලිලා ඉවරයි දැලට
අපි දුකට බැන්දූ

කවුද වැලදගත්තේ මාව
අපි ගින්නේ තාම
කළු සුදු සිනමාව
මේ ඇස් දකින්නේ තාම
පිලිගන්නේ කෝම
ඉවසන්නේ බෝම
රෑ වැටුන වලේ
දවාලේ වැටෙන්නේ තාම

අපි තනියම ගමනක පාර හදන්
කට පාඩම් උබලට දීපු වදන්
අපි පිලිවෙලකට ආවේ ගලන්
නුඹ අහස ගැන කිව්වේ පොළව බලන්

ගියේ නෑ මග නතරකරන්
මේ හීන මැරෙන්නේ අපිව මරන්
මේක තමයි හොදම ගැලපීම
යන්නේ නෑ මේ බැදීම කඩන්

අපි තනියම ගමනක පාර හදන්
කට පාඩම් උබලට දීපු වදන්
අපි පිලිවෙලකට ආවේ ගලන්
නුඹ අහස ගැන කිව්වේ පොළව බලන්

ගියේ නෑ මග නතරකරන්
මේ හීන මැරෙන්නේ අපිව මරන්
මේක තමයි හොදම ගැලපීම
යන්නේ නෑ මේ බැදීම කඩන්

මන්දාරමේ | Mandarame by Ayeshmantha ft. Gayashan, OOSeven & Zany

හැමදේම කරේ විශ්වාස
පරදින්න නෙවේ මම ආස
පිලිගන්න වැරැද්ද වෙනස් මම නෙවේ ගියේ දුර ඈත
බොරු කලේ ඔයයි හැමදාම
රැවටෙන්නේ නින්දේ හැම රෑම
එක දවසක හමුවෙලා අහනවා ඇත්තට
ඔයා කවුද මට තාම
හැම තිස්සෙම ඇස් වල කදුලු
මං හින්දා වැටුනේ නෑ කදුලූ
මං ගෙනිච්චා ඔයාව හීන මැදින් මගේ පාරාදීසෙට අදුරු

කොහොමත් තනිකම මගේ මිතුරා
බිදි ගිය හදවත යයි දෙදරා
දැනුනද මං ගැන තව හිතලා
දුක හිතුනද කලු හිත බිදිලා.
මම සුව නින්දක ඇහැරෙන්න කම්මැලී
මගේ පාලුවේ සුවය මත දැනී
නැවතත් මම පරන කෙනාමයි
බිදෙන්න කැඩෙන්න තවත් හිත් නැතී
ඔව් මමයි වැරදි හැමදෙම දැනගෙන පිලිගත්තේ සාදරෙන්
කුමකට බිදෙන බදුන් සුරකින් ද ආදරෙන්

තෙමු දෙකොපුල් මිදුනා
හසකැන් ඒ මා සොයනා
තනියට නුඹ ලග මා
කෙහෙරැල්ලේ සුවසොයනා
මන්දාකිනි නුඹ හින්දා නොවේ
බන්දා හිතේ නුඹ හින්දා මගේ
රැන්දූ කතාවේ රැන්දූ සිනාවේ
නුඹ තාම මාගේ පෙම්වන්තියේ

සරාගි රැගුමන් සාදේ පුරා
මට ඇස් වලින් කරන්නේ ආරාධනා ..
මීවිත මාව බදාගෙන හෙලවෙන්න බැහැ මට නැහැ සිහි කල්පනා
දැන්
වෛවාරන කෙල්ලෝ මැද්දේ මන්
නුඹවයි අද තෝරගන්නේ
මේ කෙටිකතාවකට කුමටද පටුනක් ලියන මමයි දන්නේ
සුන්දරයි භයානකයි නුඹ බාදුරා මලක් වාගෙමයි
මත් උන බබරෙක් නිසාද මංදා හොයන්නේ මං අවදානමයි
ඇස් වලින් කතාකරන්නේ දැන් ඔයා ආලෙට නෙවෙයි උන්මාදෙටයි
හදිස්සි නෑ මම අන්ධයට කිරි කවන්නෙත් එලිවෙන ජාමෙටයි
වීදුරු වගේ පොරොන්දු කැඩෙන්නෙ වැඩකුත් නෑ මට ආදරේ
කාලෙන් කාලෙකට් මාරු වෙන්නෙ බිසව මගේ රජ වාසලේ
හිතලම වැරදි කරන්නෙ ඔයා මම ප්‍රින්සිපල් නිසයි පාසලේ
මේ සාදෙ පුරාවට මට විතරයි මැනික් හම්බුනේ ඔයාගේ ආකරෙන්

මම ආසම ආසම පාට වෙනස් වෙන්නෙ නැ කවදාවත්
ඒකයි වෙනස් වෙන්නෙ නැත්තේ ජීවිතේ හැම දේම හැමදාමත්
අපි පොරොන්දු රැක්කා පොරොන්දු කැඩෙද්දී ඒ හැමදේමත්
ඔයාගේ පොරොන්දුවක් මගේ ජීවිතේම උනා හැමදාමත්
මන්දාකිනි නිම්නාවියේ මන්දාරමේ මං ආ මගෙ
සංසාරයෙ
නුඹ ඒ වගේ මං ඒ මගේ ඒ කාමයෙන් ආවොතින් ද ඒ ආදරේ

අහිමි | Ahimi by Ayeshmantha ft. OOSeven, Zany & Uzi Senadheera

දස වසරයි අම්මා නිහඬ වෙලා
අද වගේ මතකයි ලෝකේ විහිළු කළා මට
අම්මා කෙනෙකුගේ අඩුව නොදැනෙන්න
කවදාවත් තාත්තා මාව තනි නොකළා
අපේ අප්පච්චී මාව නලවද්දී
කිව්වේ මා වෙනුවෙන් අම්මා ලිව්ව කවි පන්ති
කියා ගන්න බැරි වේදනාවක් හංගගෙන හිත ඇතුලේ හිනාවෙලා හිටියා මං ලොකු වෙද්දි

නොදැනුවත්කමින් ගියා මමත් වැරදි පාරේ
කුතුහලේ නිසා ආසා කළා සිගරට් දුමට
හැමදේම තේරුණා මට හොදට
තාත්තා ගැහුවෙ තරහට නෙමෙයි හිතේ දුකට
ගත වුණා කාලයක් පොරොන්දු කැඩුණු
මම නිසා හැදුණ ද අපි අතර පරතරය
තාත්තා කුඩම්මා ව ගෙනාවෙ මං නිසා
මට දෙන්න සෙනෙහස තව දෙවෙනි මවකගේ

රෑ හීතලෙන් වෙව්ලුම් කද්දී නුඹ අම්මට තුරුළු වුණා
මෙලොවට බිහි කළ අම්මා නැතත් මම තනියම පුරුදු වුණා
මගේ ඉදිරියේ මගේ ලෝකෙ සහමුලින්ම අඳුරු වුණා
තාත්තේ මට සමාවෙන්න නුඹේ පවුල මැද්දෙන් මං හරස් වුණා
මං වෙනුවෙන් ලෙය කිරට හැර වෙන්නෑ
මට නැලවෙන්න කවි පද කිය වෙන්නෑ
මම නිසා වැරදෙන්න කවදාවත් ඉඩ දෙන්නෑ
බුදු සරණයි අපි ආයෙත් හමු වෙන්නෑ

කවදාවත් වෙනස් කමක් නෑ කළේ
ඇගේ ආදරේ මාව වෙනස් කළා ඉක්මනින්ම පාසලේ
හැමදෙනා ප්රශංසා කරද්දී ඒ දෙන්නා කතා වෙනවා මම ගැන කාමරේ
සතුටින් ගෙවී ගියා වසර දෙක තුනක්
නුඹ මුළු ගෙදරම කෙරුවා පිළිවෙලක්
මල්ලියේ, උඹ ඉපදුණු දා අම්මා තාත්තාටත් වඩා අයියා සතුටු වුණා
ලෙන්ගතුයි එදා උඹ මට කාටත් වඩා
උඹ දන්නේ කවුරු ගැනද මේ අයියට වඩා
කරදඬු උස් මහත් වෙලා උඹ ලොකු වෙද්දි වෙනස් වුණා කුඩම්මා
උඹ ඇගේ පුතා

ඇය සාධාරණයි මං කවුද ඇගේ
මේ ලෝකෙ අසාධාරණයි අම්මා කොහෙද මගේ
වෛරයක් නෑ උඹ මල්ලි මගේ
උඹෙ හැමදේටම අයියා තාත්තා වගේ
තේරුම් ගනින් උඹ ඉගෙන ගනිං
වැටිලා ඉන්න තැනින් අම්මව ගොඩ ගනිං
ඉපදුණේ නැතත් එකම මව් කුසේ
නුඹට වෙනස්කමක් නොකරමි හදවතෙන් මල්ලියේ

රෑ හීතලෙන් වෙව්ලුම් කද්දී නුඹ අම්මට තුරුළු වුණා
මෙලොවට බිහි කළ අම්මා නැතත් මම තනියම පුරුදු වුණා
මගේ ඉදිරියේ මගේ ලෝකෙ සහමුලින්ම අඳුරු වුණා
තාත්තේ මට සමාවෙන්න නුඹේ පවුල මැද්දෙන් මං හරස් වුණා
මං වෙනුවෙන් ලෙය කිරට හැර වෙන්නෑ
මට නැලවෙන්න කවි පද කිය වෙන්නෑ
මම නිසා වැරදෙන්න කවදාවත් ඉඩ දෙන්නෑ
බුදු සරණයි අපි ආයෙත් හමු වෙන්නෑ

මතකද අමතකද පොඩි කාලේ
කෙළිසෙල්ලම් වැලි පාරේ
අත් අල්ලන් අයියා මග හමුවෙන්නන් ආයේ
පාසලේදී විවේක කාලේ
අම්මා කිව්වා අල්ලගන්න අයියගේ ම අතින්
නොතේරුණාට කාරණාව
චකිතය හිත යට මගේ තිබ්බා
ඒ හින්දා ඇවිද්දා
මං කල්පනාවෙන් දැක්කා
“පව්, අම්මා නැති දරුවා” කියලා අනුකම්පා කරලා හිස ඉම්බා
වෙන්න ඇති සුළු වැරදි අතපසුවීම්
ගෙදර හුරතලා මම දුරස් වුණා බැඳීම්
එක වාසගමේ මුලකුරු එක නමින්
අම්මා මාව වඩන් අල්ලගත්තේ උඹේ අතින්
නොවුනට එක ලේ
අපි එක දම්වැලේ
දින සති ගෙවී ගියා දුකසැප වෙරළේ
අපි ආස කළේ වෙලාව ගෙවන්න වෙරළේ
දෑසේ සතුටු කඳුළුම නිතර දෙවේලේ ඇයගේ

සෙවණැළි | Sewanali by Ayeshmantha & BlueWest [2019]

වාසනාවෙන් මා මිදී
අදුරේ සැරිසරනා
ආශා මා පොදි බැදී
තවමත් එලෙසම සැගවී
අදොනාවන් ඇසි සවන අමයුරු වී
මතකේ මා තව හිදි ඇහෙරෙනු කුමට මා

තනිකර මම තනිවෙලා
මගෙ සිතුවිලි වලටම මම රැවටිලා
මගෙ ප්‍රශ්න කාට කියන්නඩ
වෙන්නෙ ලියන්නඩ
කඩදාසි කොල මිටි මදි වෙලා
පසුතැවිලි මතක නොමකෙන දෙවල් නොපෙනෙ මානෙ හිරවෙලා, මග නැවතිලා
ගිනි ගන්න මනසට හෙතුව හදවත මෙල්ල කරගන්න බැරි තැන ගලවලා වීසි කලා


යාන්තමට දුර දිනුම පෙනකොට කාන්සියට මග නැවතිලි නැ
මම ආන්තිකව මැන බලන්නෙ හැමදෙම මාන්සිකව දුර්වල නැ
සරලව හැමදාම වාසනාව නැ ලැබෙන්නේ නරක දවස් වෙන්නෙ කරුමෙ හරස්
අදා මාව දාලා යාවි ඈ මගෙම වැරදි කියන් අඩු පාඩු හොයන්
මම පෙරළි පෙරළි ඇඩුවදෝ
නෑ මාව දාලා යනවානම් දොර open
මමනේ ගහන්නේ ගේම එක මට normal
ලැබෙන්නේ මටනේ පෙර කල දේවල්
මිනිස්සු බලන්නේ අම්මා විකුණලා හරි සල්ලි හොයන්න නෙවේද
පැටලී පැටලී වගේ නූල් බොලේ සුන්දරම නෑනේ ජීවිතේ කියන තරමටම
අපිනේ දන්නේ අපි ගහන රෝල එක වාගේ පිළිගන්න බැරි
ගොඩක් දේවල් ඇස් පනා පිටම වෙද්දී
මාව තනිවෙද්දී මිනිස්සු ගැන කියන්ඩ පුළුවන් ඇබරෙද්දී
තමන්ට කෙලවෙද්දී පළාතක බල්ලෙක්වත් නෑ
හිටපු යාළුවො අදුරන්නත් බෑ
පිලිගනින් එක තමා ඇත්ත මවාගෙන බඩගින්න නිසා කන කට්ට සිරාවට

වාසනාවෙන් මා මිදී
අදුරේ සැරිසරනා
ආශා මා පොදි බැදී
තවමත් එලෙසම සැගවී
අදොනාවන් ඇසි සවන අමයුරු වී
මතකේ මා තව හිදි ඇහෙරෙනු කුමට මා
ආයේ උණුසුම විඳි උරුම තනිකම
මා ආයේ නොඑනට සැලී
මග අතරින් ආයේ ආයේ මා

දෙවැනි වතාවේ තිබ්බ උණ්ඩ පුස්
තුන්වැනි වතාවේ ගන්ඩ පුලුවන්ද පළි
නොදැන කරනවද වැරැදී තව තව මගේ දිවිය තුලම අදිනවා බලි
මම ඉන්නේ ළිඳ පතුලේ වැටිලා ගණ අදුරේ හැදිලා උන හිත මමද හරි
මම නෙවෙයි හරි මම කපාගෙන මගේ වල වැටීලම පෙනෙනවා කියවන නරි
අපි යන්නේ තනි පාරක දෙපස පිරිලා මාරක
තනියෙම හදාගෙන යන මාවත කටු පදුරු මතින් දිනුමම ගාවට
අවසර රතු පාවඩ ස්තුති කතාව කරන්නට අවසරද මා හට
අමතක මට කාවද හැමදෙනා සිත ගැබුරෙ රැදිලා රතු පාටට
ඉර ගාවට යන්නම මවන හීන පිච්චිලා අලුවෙලා


හැමදාම කන කටු වල බරට තව නැවිලා පැවිලා රිදිලා දැන් තුනටිය ඇදවෙලා
මැලවිලා මූණ කලුවෙලා සිනුදු අත් මගේ අද රළු වෙලා
ඔලුව රිදෙන තැන ගලවලා අතට ගෙන හරි කරනවා වැඩ මම නැහැ නැවතිලා
දුකට ඇස් වෙනවා රතු මට නොලැබූන දේවල් ගැන දුක නැතිලු
නිදහස් මට ලැබුනා තට්‍රු තටු වලට ගහලා කටු වැටකඩුලු
කතාවේ වීරයා මැරෙන්නේ නෑ ලේසියෙන් හතුරා කෙතරම් උනත් දරුණු
කිසිම දෙයක් ලැබෙන්නේ නෑ ලේසියෙන් මහන්සියේ ප්‍රථිපල නැතිලු

අවිවාදෙන් | Avivaaden by Ayeshmantha ft. OO Seven & Zany [2020]

හදවතට කතා කළ සංගීතෙන්
දුක තුනී වෙන්නෙ තව මත් වීමෙන්
දෙසවන පිනවීමෙන්,
දුක අමතක වීමෙන්,
හීනෙක තනි විමෙන්,
ගැළවෙන්න වේදනාවෙන්,
ඇවිලෙන හිත පැත්තක තියල නවත්තපු තැනින් ආයෙත් පටන්ගන්න ඇයි බලන් ඉන්නෙ තව දුක් වීමෙන්
අපි දුන්නා සින්දු මත්වෙන්න කන්වලට
තාම ඇහෙන්නෙ ඒ සද්දෙ හිත්වලම
රැඳිල නොමැකෙන ලෙසම තවම මැරෙන දවසක ඇති සතුට හිත්තුලම
සරල ජීවිතේ…
හීනවලට ණයගැතියි මම ජීවත් කරවනවට මාව
ලස්සන දවසක් එයි ළගදිම
පෙර පින් පල දීම…
හිඩැසකි මනසට වදය දැනිලා රැවටුණා කලෙකදි රස මිදි වැලක පැටලී මම තනි ගමනක වැටී වෙනස වැටහී නැවතුණා එක තැනකදි… ආහ්..
දුර ගමනක අපි තාම…
මහන්සි නෑ තාම…
දුවනවා හැම දාම…
කතාවෙ අවසානේ දැනේවිද සැනසීම Boy?
දෑස පියාගෙන, තදින් මවාගෙන, හිතින් අඬාගෙන, ගැන ගැන යන්නෙ දඩාවතේ
මතින් කපාගෙන කලුවර පොළොව මත වැටෙන හඳ එළියකින්..!!
දරාගෙන හිතින් භයානක දවස් ගෙවුණෙ හරි හිමින්
බලාගෙන් ඉන්නෙ ඇඟිලි ගනිමින් අපිටත් දවසක ඉර පායයි ඉතින්…

හීන මවාගෙන ජීවිතේ හොයනවා ආසම දේ…
උඹෙ පාවෙන ජීවිත තේරුමක් නෑ අවතාර වගේ…
අපි තාම කෙළින් පෙර වාසනාව කැරකෙන්නෙ වටේ…
අපි පටන්ගත්තෙවත් නෑ තව සෙල්ලම හැසිරෙන්නෙ උඹල දින්නා වගේ…
අපි කියන කතාවේ, මුල මැද අග තනිකරම සමාජේ…
කැරකෙන්නෙ කරාමේ තොල කට තෙමෙනවා දන්නේ පානේ…
රැප යද්දි අයාලේ, කරගන්නෙ කසාදේ…
අපෙ කටහඬවල් හානිදායකයි, වැඩිම ගාණ සංඛ්‍යාත පරාසේ…

පුරුදු පොළොව මත මිනිස්සු දකින හීන කඩදාසි කොළේටම සීමා
දඟලන්නෙ වෙනස දකින්න කුතුහලෙ නිසා එකවගේ මිනිස්සු මැද තනිව පීරා
ගිනිගන්නෙ ජීවිතේ, වයන්නෙ මම වීණා
අතරමැදක තනිවී මා
අඳුරෙදි කෙරුවා ගනුදෙනුව, මගෙම අනුදැනුම වරම මත වහල් වී මා
බලන්නෙ මම නිහඬතාවෙන් අවධානෙන්,
හොයන්නෙ මගෙ සතුට තාම දින ගාණෙන්
දුවන්නෙ මට පුලුවන් කාලෙ හැම පාරෙන්
කරන්නෙ මම නොකඩවාම අනිවාර්යයෙන්
කළහකාරී මගෙ තාලෙ
සෙල්ලම අද තරඟකාරී, වනසාවි
ගුණමකුවො කන පතේම පහරාවි
තියන්න බැහැ පොළොව තාම අපි ගාවින්
අද අපි හේරු වගේ, බලාගනින් නටවන්නෙ සෙල්ලම අල්ල වටේ
මම හෙල්ල වගේ, කවදාවත් නෑ මම ඉනි හිටවන්නෙ මඩේ
දෙව්දත්ත වගේ, කෙළවන්නෙ ළඟම චරිත දැනගත්තා පුතේ
මොන රැප්ද උබේ, දඟලන්නෙ උබ හනුමා වරම ගත්තා වගේ
මේක චාරිකාව ජීවිතේට වාරු,
තාරකාව මාලිමාව යාලු,
වාසනාව හීන ගේනවාලු,
මාස ගානෙ බාධක එනවාලු,
දේවමානෙ බාර හාර නෑ තියාන දන්න කාලෙ මාරයාගේ දෑතින් මාව බාරගන්න ඒවි,මාව දාලා දාසි ප්‍රාණෙ ගන්නවාලු

හීන මවාගෙන ජීවිතේ හොයනවා ආසම දේ…
උඹෙ පාවෙන ජීවිත තේරුමක් නෑ අවතාර වගේ…
අද සමහර මූණු දකිද්දි අපිට ඔක්කාරෙ වගේ…
මේ ළඟදි සෙල්ලමට බැස්ස උන්ගෙ වැඩ තිබ්බනම් හොඳයි කයිය වගේ…
අපි කියන කතාවේ, මුල මැද අග තනිකරම සමාජේ…
කැරකෙන්නෙ කරාමේ තොල කට තෙමන වදන් මේ පානේ…
රැප යද්දි අයාලේ, කරගන්නෙ කසාදේ…
අපෙ කටහඬවල් හානිදායකයි, වැඩිම ගාණ සංඛ්‍යාත පරාසේ..

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

සිරගතකළ සිතුවිළි | Siragathakala Sithuwili by Ayeshmantha ft. OO Seven & Zany [2020]

(You are all I want
I don’t mind giving you
My love

You are all I want
I don’t mind giving you
My love

Yeah… yeah….
I just want you to know
That you are something special
Something special
I just want to show you in every way)

ජීවත් වෙන්නයි මිනිස්සු කරන්නෙ හැමදේම
බඩගින්නයි සල්ලි තමයි ඉල්ලන්නෙම ගේම
අපි වැඩ මැරිගෙන දවසේම
කුඩු මුදලාලි පැද්දා හැම වාහනේම
ලැජ්ජ වෙන්නෙ නෑ අදින්න කඩමලූ
මේ දුප්පත් අපෙ ජීවිතෙ ගෙවෙන්නෙ කරුමලූ (කරුමලූ)
සල්ලි ළඟ දණගහයි සමහරු
නැහැ දෙයියො මූන බැලූවෙ ගියාට ගැටබරු
පෙනුමෙන් සමානයි හදවතින් අසමානයි
මිනිසත්කම බලූ කළේ මිනිසාමයි
එලොවටත් මෙලොවටත් අඩමානයි
අපි හෙව්ව සතුට තියෙන්නෙ අපි ගාවයි
නැහෙන්නෙපා උඹෙ අඩුපාඩු මත්තෙම
පාට වෙනස් මල් උනත් පිපෙයි එක අත්තෙම
කරුමෙ අපිව වටකරලා හැම පැත්තෙන්ම
ගැලවීමක් නෑ කොටුවෙන්නෙ පැනගද්දිම
තිබුනෙ නිකන් කලූගලක් විතරයි කැලෑවක
සීගිරි ගලත් මාලිගාවක් කෙරුවනෙ කාශ්‍යප
උඹ පලයන් උඹෙම තනි පාරක
දුශ්ටයෙක් වෙන්න එපා අනුන්ගෙ කතාවක

You are all I want
I don’t mind giving you
My love

You are all I want
I don’t mind giving you
My love

Yeah… yeah….
I just want you to know
That you are something special
Something special
I just want to show you in every way

අඳුරු මතක
ඝෝෂාකාරී සංගීතය සම්මිශ්‍රණය වෙලා පෙනෙන
නිවස ගුවන මත රැඳි සිහින
හැබැවෙන්නෙ කවදද සිතන පැනය
ගොඩ නගන්නෙ ගිලින්නෙ මාව පමාව
වෙලා මාව දම්වැලකින් ගැටගසා ගත්තා
යුශ දාම සදහටම
සතර අපායෙන් මිදෙන්න මං
ගැලවෙන්න කල්පනාවෙ තාම හැකිවෙද නොහැකි වෙද
විස්වාසයෙ නැ තාම
නපුරු සිහිනය පැතුවෙ සිහිනෙනුත් මං ප්‍රසිද්ධිය
වැසිදිය නොවැටුණු බිමට තාවකාලික
වැසි වැටිලා සැනසිල්ල ගෙනදෙන්නෙ
නවතින්නෙ නැ දවසක මං ජයගන්නෙ
වේදනාව සමග ගිවිසුම
අවසන් වන දිනයක පිවිසුම
ඇවිස්සුනු දුහුවිලි වල කිවිසුම
පිටකරා මම හදවත නැවතුම (නැවතුම)
බලාපොරොත්තුවක් විතරයි
කුමරිය ජීවිතේට ළංකර ගන්න
මත්තෙම නැහෙන හිනැහෙන සහකාරිය
නොමදැන නොදුටු මලක් පසුපස මම දිවයන
ගැලවෙන්නම් නැලවෙන්නම් ඒ හීනෙන් දවසක හැබැවුන

You are all I want
I don’t mind giving you
My love

You are all I want
I don’t mind giving you
My love

Yeah… yeah….
I just want you to know
That you are something special
Something special
I just want to show you in every way

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here