මන්දාරම් එළි | Mandaram Eli by Bhashi Devanga [2022]

මන්දාරම් එළියෙන් හීන තනිවෙන්න නම්
රෑ බෝ වී මත් වී ගන්දෑලේ ලං වී පාවියන්
ගැහෙනා මහද නිවෙනා තෙක් නොබලන්
මේ හිත සඟවන්

සන්ද්යාවේ දාක මා එන්නම් හාදු තියලා
රුව ගස්සන් නාරි සෙල්ලක්කාර මායම් රෑනේ හා
කෝ එන්නම් ඉන්න දිලිසෙන තරු දෙන්නම් මා
තනිවෙන්න පෙර සේ මා

එන්න එක්කං යන්නම් මං
එන්න එක්කං යන්නම් මං
දෑතින් අල්ලන් ඉන්නම් දැන්
යහන සරසන්න නම්
ශෘගාරී ළං වෙන්න දැන්
රෑක රැඟුමන් හංගන්
පාට තවරා මල්දම්
හාදු වැහි මංමාවත් දිගේ

දේහ වර්ණ ලඟ භාවනාවක් වාගේ ඔය රූ
දැක්කත් මා දුරින්
නිවෙන්නම් මා ඉතින්
හීන පාරාදීසේ ඉන්නම් මා
නුඹ එනකල් මං ආදරෙන්

ඕ… ඉන්නම් ආදරී
ලංවී ලංවී මා ඉන්නම් තව ලංවී මා
උණුහුම නොදැනෙම්ද නුඹ රැඳුනු දා
එන්න යන් මා නොපෙනූ තැන් දිහා
සඟවගෙන ආලේ

එන්න එක්කං යන්නම් මං
එන්න එක්කං යන්නම් මං
දෑතින් අල්ලන් ඉන්නම් දැන්
යහන සරසන්න නම්
ශෘගාරී ළං වෙන්න දැන්
රෑක රැඟුමන් හංගන්
පාට තවරා මල්දම්
හාදු වැහි මංමාවත් දිගේ

යන්නම් මං
එන්න එක්කං යන්නම් මං
දෑතින් අල්ලන් ඉන්නම් දැන්
යහන සරසන්න නම්
ශෘගාරී ළං වෙන්න දැන්
රෑක රැඟුමන් හංගන්
පාට තවරා මල්දම්
හාදු වැහි මංමාවත් දිගේ

written by Bhashi Devanga

ශෝභා | Shoba by Bhashi Devanga [2019]

මාරුතේ නුඹ හා එදා
රෑ තනිවී පාලුවෙන්
ඒ සීතලේ නුඹ ලගින් එදා
මා හිනැහී තනිවුණේ

මා ආදරෙයි ආදරෙයි නුඹට නොදැනී දැනුණු රැයේ
මා ආදරෙන් ළංවුණේ නුඹට නොකියා කී වෙලේ

නුඹේ ශෝභා මැවෙනා
ඕ..හිත ආදරෙන් පිරෙනා
නුඹ කොයිබදෝ සැගවී – නොඑන හිත මා
මගෙ ආදරේ ඉල්ලා – නොඑනු හිත මා

මං සීරුවෙන් නුඹ ළග තිබූ ඒ සලුපට කෝ ළදේ
මන්දාරමේ හරි සීතලයි නුඹ තනියට නෑ මෙහේ

මා ආදරෙයි ආදරෙයි නුඹට නොදැනී දැනුණු රැයේ
මා ආදරෙන් ළංවුණේ නුඹට නොකියා කී වෙලේ

නුඹේ ශෝභා මැවෙනා
ඕ..හිත ආදරෙන් පිරෙනා
නුඹ කොයිබදෝ සැගවී – නොඑන හිත මා
මගෙ ආදරේ ඉල්ලා – නොඑනු හිත මා

හැන්දෑ යාමෙක අපි යළි හමුවී
පෙම් බස් දොඩලා හිනැහෙමු පෙර සේ
නුඹ ආයේ දවසක මා හා
නොදැනී වාගේ හිනැහෙමු සොදුරී

ඕ..හිත ආදරෙන් පිරෙනා
නුඹ කොයිබදෝ සැගවී – නොඑන හිත මා
මගෙ ආදරේ ඉල්ලා – නොඑනු හිත මා

නුඹේ ශෝභා මැවෙනා
ඕ..හිත ආදරෙන් පිරෙනා
නුඹ කොයිබදෝ සැගවී – නොඑන හිත මා
මගෙ ආදරේ ඉල්ලා – නොඑනු හිත මා

written by Bhashi Devanga