අහම්බෙන් වගේ | Ahamben Wage Nodakapu by Chamara Ranawaka

අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට
නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට

අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට
නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට

මතකයි මට අද වාගේ නුඹ ආවා ගියා
අම්මා නුඹව සිපගෙන මගේ පැල ඇතුලේ තියා
කුප්පි එළියෙන් තියාන
අගේ සතුට මට කියා
දුක් නොදෙන්න දෙවියන් හට
තෙල් පාන තියා

අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට
නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට

ගම් පලතුරු රස බලමින්
බැද්දේ ගියාම
උඹේ පංගුව අපි සතුටින්
වෙන් කෙරුවාම
බඩ හංගන් නුඹට හොරෙන්
අපි හිටියාම
දරාගන්න බෑ නුඹ
ලොකු කම් කීවාම

අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට
නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට

අහම්බෙන් වගේ නොදැකපු රුව ලැබුනාට
මගේ අග හිගකම් ගැන කම් නෑ කීවාට
නුබේ කැමැත්තට කරකාරෙට ගත්තාට
ලොකු වෙනසක් ඇයි නුඹ දැන් නෑ කීවාට

අල්මාරියේ කණ්ණාඩියේ | Almariye Kannadiye by Chamara Ranawaka

අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ සමුගෙන ගියේ
කාමරේ තනියෙම

අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ සමුගෙන ගියේ
කාමරේ තනියෙම

ගව ගාලේ ගේ මැද සාලේ
හොරෙන් බලපු කාලේ
කොලු කාලේ ආවම රාලේ
මං බදිනවා කර මාලේ
මගේ බාලේ සිට පැතු ආලේ ලැබුණා
පහු ගිය කාලේ
බොරු සීලේ ඇගේ නෑ ලීලේ
අපරාදේ මුතු මාලේ

අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ සමුගෙන ගියේ
කාමරේ තනියෙම

මාමණ්ඩි බී රා මන්ඩි
ඌ පාලා මට චන්ඩි
අයියන්ඩි හට රෙඩ් බ්‍රැන්ඩ් දී
පුරවා උගේ බන්ඩී
අක්කන්ඩි දෙනවද නංගී
මට තියෙනවා කඩමන්ඩි
බෑනන්ඩි වෙන්නද ඇන්ටි මට බනීද මාමන්ඩි

අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ සමුගෙන ගියේ
කාමරේ තනියෙම

අල්මාරියේ කණ්ණාඩියේ ඉස්සරහ ඉදගෙන
මින්නෙරියේ වැව් කන්ඩියේ ආදරේ කරගෙන
වැලිවේරියේ ලංගම රියේ උබ ලගින් ඉදගෙන
ඇයි කොමලියේ සමුගෙන ගියේ
කාමරේ තනියෙම

බට දොඹ කැලේ | Bata Domba Kale by Chamara Ranawaka

බට දොඹ කැලේ
වතුර ඇති පොඩි ලිදේ
වද මල වගේ
උකුලේ පොඩි මැටි කලේ
වන බඹරු කැරකෙනවා
ගොඩපර කැලේ
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා

බට දොඹ කැලේ
වතුර ඇති පොඩි ලිදේ
වද මල වගේ
උකුලේ පොඩි මැටි කලේ
වන බඹරු කැරකෙනවා
ගොඩපර කැලේ
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා

පොඩි ලේනා කෑගහන සද්දෙට වඩා
උබේ ගේ වටේ කොල්ලො සිරිබිරි ගගා
ඉන්නවා බාලා මූණ මගේ රැලි වුණානේ
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා

බට දොඹ කැලේ
වතුර ඇති පොඩි ලිදේ
වද මල වගේ
උකුලේ පොඩි මැටි කලේ
වන බඹරු කැරකෙනවා
ගොඩපර කැලේ
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා

නෑදෑයෝ ඇයි මන්දා විරසක වෙලා
මං උඹව දැකගත්තේ කල් පහු වෙලා
ගිනි වතුර මං බොන්නේ උඹ ගැන හිතානේ
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා
පොඩි නෑනේ මං උඹගේ ලොකු මස්සිනා

ගමේ අයට | Game Ayata Notherenna by Chamara Ranawaka

ගමේ අයට නොතේරෙන්න
නවරට යන්නං
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නේ නෑ සින්දු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්ම ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං

කරගැට ආවම ගිටාර් සද්දේ එන්නෙ නෑ
ඒ කාලෙට කවි කියනව පාඩු වෙන්නෙ නෑ
ණයට ගන්න පහළ කඩෙන් මාමා බනින්නෑ
පුතා එනවා ලබන මාසේ දුකක් දෙන්නෙ නෑ

ගමේ අයට නොතේරෙන්න
නවරට යන්නං
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නේ නෑ සින්දු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්ම ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං

පෝය ලගයි සිදාදියේ කඩු ලෙලදෙනවා
කල් තියාම සිල් රෙද්දක් අරන් තියෙනවා
අලුත් තාලේ සින්දු වලට කාසි ලැබෙනවා
අම්මට මං තෝඩු දෙකක් අරගෙන අනවා

ගමේ අයට නොතේරෙන්න
නවරට යන්නං
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නේ නෑ සින්දු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්ම ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං

ගමේ අයට නොතේරෙන්න
නවරට යන්නං
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නේ නෑ සින්දු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්ම ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං

ගමේ අයට නොතේරෙන්න
නවරට යන්නං
සිදාදියේ කෝච්චි බස් වලට නගින්නම්
උගුරට දුක දැනෙන්නේ නෑ සින්දු කියන්නම්
දළු නෙලන්න යන්න එපා අම්මේ වදින්නම්
අම්ම ගෙදර ඉන්නකෝ මං කාසි එවන්නං

හිරු දෙවියෝ | Hiru Deviyo by Chamara Ranawaka

හිරු දෙවියෝ තරහ වෙලා
තාම අවේ නෑ
කුලී වැඩක් කරන අපිට වැඩට යන්න බෑ
මන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑ
අපේ පටවු බඩගිනි දැනුනට අඩන්නෙ නෑ

හිරු දෙවියෝ තරහ වෙලා
තාම අවේ නෑ
කුලී වැඩක් කරන අපිට වැඩට යන්න බෑ
මන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑ
අපේ පටවු බඩගිනි දැනුනට අඩන්නෙ නෑ

කෙනෙකුට සැප ඇති කාලෙට
තව කෙනෙකු දුකේ
සංසාරේ හැටි මෙහෙමයි
බුදු වදන් හැගේ
පෙර කල පව් තව පියවි නැතිවෙලා වගේ
හිනාවෙන්නෙ කෝහොමද
උඹ කියාපන් පුතේ

හිරු දෙවියෝ තරහ වෙලා
තාම අවේ නෑ
කුලී වැඩක් කරන අපිට වැඩට යන්න බෑ
මන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑ
අපේ පටවු බඩගිනි දැනුනට අඩන්නෙ නෑ

වතුර බිංදු උදලු මිටදී
ගේ බේරෙද්දී
පය දියවී උදලු තලේ
මඩ ගෑවෙද්දී
මං එනකං බඩ ගින්දර
උඹ උහුලද්දී
පොලොව කැපෙයි අඩමින්
පස් තට්ටු බුරුල්වී

හිරු දෙවියෝ තරහ වෙලා
තාම අවේ නෑ
කුලී වැඩක් කරන අපිට වැඩට යන්න බෑ
මන්දිර වල වරුසාවට බිම තෙමෙන්නේ නෑ
අපේ පටවු බඩගිනි දැනුනට අඩන්නෙ නෑ

මහ වරුසාවේ | Maha Warusawe by Chamara Ranawaka

හෙට උදේ දකිනවා
හිතුමතේ හිතෙනවා
හීනෙනුත් ඇඩෙනවා
ඔබ කෙරේ
ජීවිතේ දකිනවා
දුක වෙනුවෙනු අඩනවා
කුමකට හමුවීදෝ ආදරේ

ඉස්සර දවසක ඔබ අත අරගෙන
මතකද දොල පාරේ
ආස හිතෙන දේ අරගෙන යහමින්
මතකද මහ පාරේ
ඉස්සර දවසක ඔබ අත අරගෙන
මතකද දොල පාරේ
ආස හිතෙන දේ අරගෙන යහමින්
මතකද මහ පාරේ

ගෙවූ ඒ ආදර කාලය අමතක නෑ
අදටත් මට ඔබ අමතක කරන්න බෑ
ගෙවූ ඒ ආදර කාලය අමතක නෑ
අදටත් මට ඔබ අමතක කරන්න බෑ

හෙට උදේ දකිනවා
හිතුමතේ හිතෙනවා
හීනෙනුත් ඇඩෙනවා
ඔබ කෙරේ

මහ වරුසාවේ බස් නැවතුම්පොළ
අයිනට වී හිදිමින්
ඔබට තුරුලු වී ආලය කල හැටි
මතකයි කඩිසරයෙන්
මහවරුසාවේ බස් නැවතුම්පොළ
අයිනට වී හිදිමින්
ඔබට තුරුලු වී ආලය කල හැටි
මතකයි කඩිසරයෙන්

ගෙවී ඒ ආදර කාල අමතක නෑ
අදටත් මට ඔබ අමතක කරන්න බෑ
ගෙවී ඒ ආදර කාල අමතක නෑ
අදටත් මට ඔබ අමතක කරන්න බෑ

හෙට උදේ දකිනවා
හිතුමතේ හිතෙනවා
හීනෙනුත් ඇඩෙනවා ඔබ කෙරේ
ජීවිතේ දකිනවා දුක වෙනුවෙන් අඩනවා
කුමකට හමුවීදෝ ආදරේ

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here