Old Hits ( Mashup) by Chanuka Mora [2020]

නීල නුවන් ඈගේ
දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුනේ
හරියට හැන්දෑවක් වාගේ

නීල නුවන් ඈගේ
දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුනේ
හරියට හැන්දෑවක් වාගේ
දෑස් පියන් නටවා
කෝල ඇහැක් වහලා
ප්‍රේමී හිතක් දීලා
යනවද හීන හතක් මවලා

දේදුන්නේ හීන කැන්දූ
නීල වර්ණේ
නේත්‍රා මනරම්
රෑ කාලේ සේද රැන්දූ
කේෂ සේනා මවනා සිතුවම්

මාලතී කොපුල් සිනාසී
ආදරේ දෝර ගලාවී
සුසුම් වැල් දෑසේ මියැදී

සිතින් ප්‍රේම වඩනා
මා සුරංගනාවී
මගේ ලයේ දැවටී
දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍යය අංගනාවී

ආ රූපසිරිලාලියේ
ගී සිහින කැන්දු සේද රුවනාරියේ
මගේ දෙතොලේ හැපී දුන්න හාදුත් විදී

නීල නුවන් ඈගේ
දිලිසෙන තෝඩු දෙකක් වාගේ
මන්දහාස මුහුනේ
හරියට හැන්දෑවක් වාගේ
දෑස් පියන් නටවා
කෝල ඇහැක් වහලා
ප්‍රේමී හිතක් දීලා
යනවද හීන හතක් මවලා

සිතින් ප්‍රේම වඩනා
මා සුරංගනාවී
මගේ ලයේ දැවටී
දුක් තැවුල් නිවාවී
තාරකා රිදී සිනාවන්
අහස්කුස මැවූ රටාවන්
පීදෙනා මගේ හැගුම් සිත්තම්
මා දිව්‍යය අංගනාවී

සිංදුව මෙතනින් බාගත කරගන්න | Download the Audio from here

 

ගැලවුම්කාරයා | Galawumkaraya by Channuka Devnindu [2020]

ඉපදුනෙ 2000 අවුරුද්ද නං
හැමදේකම රිද්මයක් හොයාගෙන
යන්නෙ මං

ඉස මුදුනෙ ඉදගෙන
දෙපතුල දක්වාම දුවන්නෙ බං
සංගීතය ජීවය දේවිය මගෙ ලොවට දැන්

ලෝකෙම අල්ලන්නයි හීන මවන්නෙ මං
කවුරු කෙසේ කීවත්
මගේ ගමන යන්නෙ මං
මම වෙන
ඒ වෙනසම තමයි උසස්
ජීවිතේ කොටසක් උන ගිටාරය
හයියක් කරගෙන

ජීවීතේ…
අපි යන ගමනේ…
ජීවය දෙන්නේ..,
සංගීතය වේ මගෙ ගැලවුම්කාරයා…
බාධක පරදා
ගිරිහෙල් නොතකා
අරමුන වෙනුවෙන්
යන්නේ මා පසු නොබසින අරමුනෙන්

මම මගෙ රචනය
තනුව අනුව ගලපන්නෙ
අරමුණ අනුව වචන අමුනන්නෙ
මේ දිවිගමනේ අරුත හදුනන්නෙ
පැරදුනත් වැටුනත් නැවත නැගිටින්නෙ

මිනිසුන් ලොව සිහින පිටුපසම යන්නෙ
දවසින් දවස සිහිනයට ලගා වෙන්නෙ
ලෝකෙ නම තබා ආපසු හැරෙන්නෙ
ගරහන උන් හට පන්දම් වන්නේ

ජීවීතේ…
අපි යන ගමනේ…
ජීවය දෙන්නේ..,
සංගීතය වේ මගෙ ගැලවුම්කාරයා…
බාධක පරදා
ගිරිහෙල් නොතකා
අරමුන වෙනුවෙන්
යන්නේ මා පසු නොබසින අරමුනෙන්

එකම සත්‍ය සංගීතය
හදවත් ගැහෙනා රිද්මය
එකම සත්‍ය සංගීතය
අපේ හදවත් ගයනා ඒ ගීතය
එකම සත්‍ය සංගීතය
හදවත් ගැහෙනා රිද්මය
එකම සත්‍ය සංගීතය
අපේ හදවත් ගයනා ඒ ගීතය

ජීවීතේ…
අපි යන ගමනේ…
ජීවය දෙන්නේ..,
සංගීතය වේ මගෙ ගැලවුම්කාරයා…
බාධක පරදා
ගිරිහෙල් නොතකා
අරමුන වෙනුවෙන්
යන්නේ මා පසු නොබසින අරමුනෙන්