ආනෙ ඩිංගක් ඉන්නකෝ | Ane Dingak Innako by C. T. Fernando

ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය
දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල අහක බලබල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ

ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය
දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල අහක බලබල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ

පුංචි මාමගෙ කුඹුරෙදී
පැලක් ඉන්දන දවසෙදී
පුංචි මාමගෙ කුඹුරෙදී
පැලක් ඉන්දන දවසෙදී
දනක් මඩයේ එරි එරී
එදා පැල සිට වූ සැටී
දනක් මඩයේ එරි එරී
එදා පැල සිට වූ සැටී
තාම මතකයි රීයෙ වගෙමයි
දෙතොල් අව්වේ සැලි සැලී

ආනෙ ඩිංගක් ඉන්නකෝ ඔය
දෑත පොඩ්ඩක් දෙන්නකෝ
ඇයිද කලබල අහක බලබල
යන්නෙ ඩිංගක් ඉන්නකෝ

කුඹුක් ගහ යට බටකැලේ
නාන විටදී ඔබ දොලේ
කුඹුක් ගහ යට බටකැලේ
නාන විටදී…

 

කිමද සුමිහිරියේ | Kimada Sumihiriye by C. T. Fernando

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….

සෙවනැල්ල වගේ වගේ ඔබ එන විලසේ
මට දැනේ නිතර රහසේ….
මුදු තොල් පොපියා කිසිවක් නොකියා
ඇයි යන්නේ පැන විගසේ….
හැම උදේම තනියම මෙසේ….
හැම උදේම තනියම මෙසේ….
පිය ළඳේ ඔබව හමුවේ….
කල්පනාව පෙම්බර හිනාව පින්බර
මගේ සිතට සුවදේ….

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….

කෙහෙරැල්ල වැටි නලලට සිරසේ
සිරි වැසේ බොළඳ මුහුණේ….
වනමල් පිපිලා බරවී නැවීලා
ලං වෙන්න එයි මැණිකේ….
දුටු වහාම හදවත ඔබේ….
දුටු වහාම හදවත ඔබේ….
දුක නැසී සතුට ඇතිවේ….
ඔබ ගියේ බලන් හිඳ අගේ කරන්නද
කියන්න සුරතලියේ….

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….

කිමද සුමිහිරියේ මේ අරැමේ
මහද පිබිදෙන්නේ….
ඔබගේ දෑසේ නැගෙන කැලුමේ
රහස නැත දන්නේ….