හිපි ඩෙනිම | Hippie Denima by Daddy [2023]

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

ඇස් වල ඉරි පාට පාට රූ මවා
හීන රහයි දැන්
ගස්වල මල් අපිට අපිට අතවනා
එන්න කියයි නම්
වන්වේ යන ජීවිතේම ඉරි කපා
නඩුව එපා බං
ඉන්නා ටික කාලේ එකට හිනැහෙමු
ප්‍රශ්න නෑ දැන්

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
හිමින් තරු ගැන්නා

තප්පර කටු රත් වෙලා
ඇද වෙලා කාලේ ගෙවයි දැන්
චිත්තරපට දර්ශනේම බොද වෙලා
ඔලුව අවුල් නම්

පත්තර වල යන්න කලින් යමු සනා
හිතට ශුවර් බං
ඉන්නා ටික කාලේ එකට හිනැහෙමු
ප්‍රශ්න නෑ දැන්

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
ඉගිලී තරු ගැන්නා

හිපි ඩෙනිමට මාගේ
හිනැහුනු නුඹේ ලග තදින් දැනුනා
ගස් සුවදට මාගේ
ලග හිටි ඔබ පාට ලෝකයෙන්
හිමින් තරු ගැන්නා

written by Manuranga Wijesekara

සීමා මායිම් කඩා | Seema Maayim Kadaa by WAYO x DADDY

මේ යන ගමනේ
නැවතුම කොතැනා
නොදනිමූ සදා
කොහේදෝ කියා

එක හුස්මක යා වෙලා
හැගුමන් අතුරා
විදිමු ආදරේ
හැම ජීවිතේම
ආදරෙන් සතපා තියා
හැගුමන් ගවසා
සරසා
එක් වී බැදී

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

මේ යන ගමනේ
රිදුමන් නිවලා
ලංවෙමූ දරා
සෙනෙහේ උතුරා
අපි කවුරුත් එක් වෙලා
පවසමු හඩගා

බෙදමු ආදරේ
හැම ජීවිතේ මා
ආදරෙන් සතපා තියා

හැගුමන් ගවසා
සරසා
එක් වී බැදී

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

සීමා මායිම් කඩා
නිදහස් ලෝකෙ කරා
මනුසත් නාමෙන් සිත් සනසන්නා

සංකා ප්‍රේමෙන් නිවා
සිවිසල් සාමේ බෙදා
ලෝකේ ආදරේ ගිල්වන්නා

written by Shehan Galahitiyawa

daddysl,daddy,daddyonthetube,daddymusicsl,daddylive,naadro,wayo,sangeeth,transcendence,lanka,aaley,colombo,sangeeth wijesuriya,viresh cooray,sri,chika,music,viresh,perera,chikka,lahiru,signore

ගිනි කෙලී | Gini Keli by Oshen De Mel ft. Ravi Jay & DADDY [2021]

ආලෙන් වෙලී
රාගෙන් දැවී
සායම් මගේ නුඹ නැති කලා

සයනය පුරාම
මා ගත පෙලා
හදවත මගේ සොහොනක් කලා

ආදරේ රවටා
රාගෙන් මා අතරමං උනා
යනහේ මා තනිකල මා රාගේ

ඇගිලි තුඩු අතරේ
තොල්පෙති හිරි වැටුනේ
කුලුනු සිරසින් පවා
අපේරෝසර්න් වැගිරේ

අද ගිනි කෙලි අතරේ
පෙරහැර නුබ ගේ
කස කරුවා මමයි
පෙරහැර තව තිබුනේ

කෙල්ලෙ මට ඔයා කිව්වෙ ඔයා සිංගල්
හැබැයි හැමවෙලේම ඔයාගෙ බිසි නම්බර්
මං බැට් කලේ ඔයාගෙ බෝලෙට
හොදහැටි දැනගෙන මේ පිතිකරැවට නෑ අං

යං අතින් අත යං කෙල්ලෙ වටේ යං
මං ඉන්නං නොදැක්කා වගේ මට එනකං
ඔයාගෙ බොරැ ඒවා මරෑ
අහගෙන ඉන්නං මං රෑ එලිවෙනකං වෙලා ඔයාගෙ අත දරැවා
ඇදි වතෙ නෑනෙ විලී වටේම සැලකිලි
වෙලා නුඹව සමාජෙ ඇසට සැනකෙලී
එන කෙනෙක් ඒවිද නුඹ වෙතට
ඉන්න හැමදාම අහගෙන ඉන්න හිතෙ දුක
මේක රගපෑමක් අපි අපේම හිත් රවටං
හෙව්වෙ ආලය නෙමේ ඔයා රාගය
මං බැට් කලා ඇති වගේ දැවී ගියා
එන්න පිතිකරැ ඊලග

ආදරය මගේ
රාගයයි නුඹගේ
නිස්සාර කදු මුදුන්
නුඹ තෙත් බිමක් කලේ
අසනි වැස්සෙන් නුඹගේ
මගේ ගත කිති කැවුනේ
අද නුබ කොහෙදෝ මං
යලි නියගයයි මගේ

ආලෙන් වෙලී
රාගෙන් දැවී
සායම් මගේ නුඹ නැති කලා

සයනය පුරාම
මා ගත පෙලා
හදවත මගේ සොහොනක් කලා

ආදරේ රවටා
රාගෙන් මා අතරමං උනා
යනහේ මා තනිකල මා රාගේ

දෙවෙනිද මගේ ආදරේ | Dewenida Mage Adare by DADDY [2012]

දෙවෙනිද මගේ ආදරේ ඔබට
නැතුවද දැන් ඔබෙ පෙම මෙමට,
වෙනසක් මට දැනෙනවා
ඔබ මා මඟ හරිනවා
එකෙකුට නැති ආදරේ මොකට…

ඔබ වෙනුවෙන් මා සිටියා මෙතුවක්
මා වෙනුවෙන් ඔබ ඇතිදෝ සැකයක්…

දෙවෙනිද මගේ ආදරේ ඔබට
නැතුවද දැන් ඔබෙ පෙම මෙමට,
වෙනසක් මට දැනෙනවා
ඔබ මා මඟ හරිනවා
එකෙකුට නැති ආදරේ මොකට…

නොකරමි මම ඔබේ නමට අවමන්
සුභ වේ ඔබෙ දිවි කරනෙමි නික්මන්…

දෙවෙනිද මගේ ආදරේ ඔබට
නැතුවද දැන් ඔබෙ පෙම මෙමට,
වෙනසක් මට දැනෙනවා
ඔබ මා මඟ හරිනවා
එකෙකුට නැති ආදරේ මොකට.

දෙතොල් මගේම නම් | Dethol Magema Nam by DADDY

දෙතොල් මගේම නම්
රැයින් රැයට ඉර පායනකන්
රස කර කර සිප ගන්නම්

දෙනෙත් මගේමනම්
අඳුරින් දෙනෙත් මගෙ නැහැවෙනකන්
නිල් ඇස් දෙක දෙසම බලන්නම්
සඳ ගිලී ඉර වැටෙනකන්
තුරුලු වී තොල් පෙති සිඹින්නම්
දිනෙක අඳුරින් නැහැවෙනකන්
නිතර නිල් ඇස් දෙස බලන්නම්
සිත රිදවා හැඬවූ ආදර කතාව
තවදුරටත් එහි ලැගුම් නොගන්නා
කොටසක් කරන්න මොහොතින් මොහොතම
ඇය ළඟ සිටිමින් ඇය දෙස බලමින් සනසන්නම්

ඔව් ඔබ මගේම නම්
මගෙන් ඇගෙ සිත පෑරේ නම්
කඳුළු බිඳු ඇගෙ නෙත් තෙමයි නම්
ඇගේ සිත වෙන කෙනෙකුගේ නම්
ගැයූ පද අමතක කරන්නම්

ඇයි කලේ | Ai Kaley by DADDY

කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ,
අතහැරියත් ඔබ මගේ අතින් මට දැනුනේ නෑ,
විලවුන් තවරා ඔබ ලංවූවත් මට සුවඳ නෑ,
මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ.

ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ.
මං නෑ කලේ කිසි දිනකදි, ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ.
ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ .
මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ .

ඔය ඇස් රතු වෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ,
මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනෙ නෑ,
මගෙ මිතුරන් හා ඔබ හාද වුනත් මට කමක් නෑ,
ඒ මොනව වුනත් ඔබ දුන් හැම දේ යලි දෙන්නේ නෑ.

ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ.
මං නෑ කලේ කිසි දිනකදි, ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ.

ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ
මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ

නැතිදෝ වැටහුනේ, නැතිදෝ ඔබ හට එය වැටහුනේ…

අරාබිය | Arabiya by DADDY

මගේ නම ගයාන්
අපේ ගෙවල් පැත්ත අරාබිය වගේ උනාට
මේ ලඟදි දවසක
රුවැති යුවතියක් පැමිණියා…
ඇත්තම කියනව නම්
ඇගේ ඇස් ඒ හිනාව ඒ කතාව
මගේ හදේ තදින්ම දැවටිලා
ඉතින් උදේ නැගිට්ට වෙලාවේ ඉඳන්
මම මොන වැඩේ කරන්න හැදුවත්
මගේ මතකයට එන ඇය
මගේ හිතට දැන් නම් වදයක් වෙලා

ඉතින් නුඹ.. ඉතින් නුඹ.. ඉතින් නුඹ..
ඇයට කැමති නම්
සිතින් නුඹ දුරින් හිඳ පලක් නැත පෙම් කරලා
මගෙ දිවියේ මෙතෙක් නොදුටූ
අමුතු සොඳුරු රුවක් එක්ක මා සිත දැවටිලා
ඇයට නොකියා ල ල ල ල ලයෙහි සඟවා
තවත් ඉන්න බෑ ඇය දෙස බලන්

මම ශමිල මං මෙයාගෙ හොඳ ‍ෆිට් එකක්
මම හැම තිස්සෙම කියන්නෙ උඹ ඔහොම හිටියොත්
වෙන ග්‍රහයෙක් ඇවිත්
ඇගේ සිත අරන් යනවාමයි
අනිත් එක උඹට ඔය ඇසුයි කනුයි නහය වලුයි
හිතේ දැව‍ටුනා කිව්වට
මට නම් කිසීම දෙයක් දැව‍ටුන්නෑ
උඹට කෙල්ලෙක් ඕනෑම නම් හොයල දෙන්නම්කො
අන්තිමේදි කොහොම කොහොම හරි ඔය කෙල්ල
උඹට කෙසේ වෙතත් අපිට නම්
මාර වදයක් වෙන බව මට ශුවර්
උඹලගේ තාත්ත කියනව වගේ
පොතක් පතක් අරන් දැන්වත් හැදියන්

ඉතින් මට මගේ සිත වෙනස් කරගන්නට බැරි නම්
සිතින් මම දුරින් හිඳ පලක් නැත පෙම් කරලා
මගෙ දිවියේ මෙතෙක් නොදුටූ අමුතු සොඳුරු
රුවක් එක්ක මා සිත දැවටිලා
ඇයට නොකියා ල ල ල ල ලයෙහි සඟවා
ත ත ත ත තවත් ඉන්න බෑ ඇය දෙස බලන්

මා හා | Maa Haa by DADDY

මා හා හිනැහෙන්නෙපා
දෑස් අගින් මුමුණන්නට එපා
ම්….
ළඟින් මගේ ඔබ ඉන්නෙපා
වදන්වලින් සනසන්නට එපා
ආදරේ දැණෙනවා
ආදරේ දැණෙනවා
ආදරේ දැණෙනවා

කිසිම කෙනෙකු නෑ කිසි දවසක්
දුන්නේ මා දුන් ආදරයක්
ඔබ හා ගෙවෙනා හැම මොහොතක්
ආදරේ දුන් වේදනා මතකයට ගේනවා
ම්…. ල ලා ලා…

මා හා හිනැහෙන්නෙපා
දෑස් අගින් මුමුණන්නට එපා
ම්….
ළඟින් මගේ ඔබ ඉන්නෙපා
වදන්වලින් සනසන්නට එපා
ආදරේ දැණෙනවා
ආදරේ දැණෙනවා
ආදරේ දැණෙනවා

ආශා ගංගාවක බිඳුවක් මා
සිනහව අයුරින් ඔබ හට දුන්නට
නොසිතන් මිතුරියෙ දියට බහින්නට
ආශා ගඟුලේ කිමිද ගිලෙන්නට
සිතනා පතනා හැම මොහොතක්
ආදරේ දුන් වේදනා මතකයට ගේනවා
ම්…. ල ලා ලා…

ඉතින්…

මා හා හිනැහෙන්නෙපා
දෑස් අගින් මුමුණන්නට එපා
ම්….
ළඟින් මගේ ඔබ ඉන්නෙපා
වදන්වලින් සනසන්නට එපා
ආදරේ දැණෙනවා
ආදරේ දැණෙනවා
ආදරේ දැණෙනවා

නෙත පෙරුම් පුරා | Neth Perum Pura by DADDY

නෙත පෙරුම් පුරා එදා
ඔබ දකින්න සැරසුනා
හදේ කොනක නොරැදුනත් ඔයා
නොදැක ඉන්න බැරි උනා

නෙත පෙරුම් පුරා එදා
ඔබ දකින්න සැරසුනා
හදේ කොනක නොරැදුනත් ඔයා
නොදැක ඉන්න බැරි උනා

සිත පතන්නේ ඒ ඔබයි
මට පෙනෙන්නේ ඒ රුවයි
මට ඇසෙන්නේ ඒ හඩයි
හදවතින්ම ඔබ මගෙයි

නෙත පෙරුම් පුරා එදා
ඔබ දකින්න සැරසුනා
හදේ කොනක නොරැදුනත් ඔයා
නොදැක ඉන්න බැරි උනා

මම හඬන්නේ ඔබ නිසයි
ඔබ කොහෙද මා සොයයි
හමුනොවේවිදැයි බයයි
ඔබ මගේමදැයි සිතෙයි

නෙත පෙරුම් පුරා එදා
ඔබ දකින්න සැරසුනා
හදේ කොනක නොරැදුනත් ඔයා
නොදැක ඉන්න බැරි උනා

නිල් දෑසේ | Nil Dase by DADDY

නිල් දෑසේ කැන් සලා
යෞවනේ මත් කලා
රන් දොතොල් රඟ දෙනා
හද සයුර කැළඹුනා
සඳ වගෙයි නැග එනා කුමරියන්
හිනැහෙනා ම් …. හිනැහෙනා

විකසිතයි සිනහවයි
සුර අගුන් පරාදයි
ඔබ තරම් රුව අරන්
කොයිආද මේ ළදුන්
තරු දහස් අතරේ
බැබලෙන සඳ ඔබ වේ
රන් කිරුළ අතරේ
රූ රැජින අද ඔයා ඕ …. අද ඔයා

නිල් දෑසේ කැන් සලා
යෞවනේ මත් කලා
රන් දොතොල් රඟ දෙනා
හද සයුර කැළඹුනා
සඳ වගෙයි නැග එනා කුමරියන්
හිනැහෙනා ම් …. හිනැහෙනා

විකසිතයි සිනහවයි
සුර අගුන් පරාදයි
ඔබ තරම් රුව අරන්
කොයිආද මේ ළදුන්
තරු දහස් අතරේ
බැබලෙන සඳ ඔබ වේ
රන් කිරුළ අතරේ
රූ රැජින අද ඔයා ඕ …. අද ඔයා