නුඹ කාටදෝ ආදරේ | Numba Katado Adare by Damith Asanka

නුඹ කාටදෝ ආදරේ
සරසවියෙ මල් අතරෙදි
නුඹ කාටදෝ ආදරේ

රුදු බඹරුන් පිරී
මල් උයනේ සැදි
සුළගේ පියාපත් විදා
මල් ලෝකයම රවටලා
නුඹ කාටදෝ ආදරේ

හෙට දවසක් උදා
නුඹ සළු පළදලා
සරසවියෙන් යයි හී මිදී
උදහාසේ යයි ඔබ රැදී
නුඹ කාටදෝ ආදරේ

damith asanka new songs,damith asanka songs,new damith asanka song,damith asanka music video,best damith asanka song,damith asanka,damith asanka song collection,hithawathiya song,hithawathiya damith asanka,idahitawath ma mathekata,idahitawath ma mathekata damith asanka,sinhala new songs,sinhala songs,new songs,aluth sindu,new sinhala song,desawana music videos,new sinhala songs,sinhala new songs 2021,sinhala songs 2021,best sinhala songs

කෙටි කාලයේ | Keti Kalaye by Damith Asanka

කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා
වැඩි කාලයක් දුක් වින්දා
ඒ කාලයේ ආදරේ කලේ
මුළු හදවතින් නිසා විදිමි වේදනා
කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා

සඳක් වගේ ඔයා ඒ ටික කාලයේ
සිහිලස මට පෙන්නුවා
සැනෙකින් සැගවී ගියා
පනමෙන් කල සෙනෙහෙ සුවදයි
ජීවිතේ සමගින් කෙරු සරදම්
කුරිරුයි දැන් පවා

තිතක් තබා ගියා සුන්දර ජීවිතේ
නින්දෙන් ඔබ දකිනවා
දෙනෙතින් නොපෙනෙන නිසා
පනමෙන් කල සෙනෙහෙ සුවඳයි

ආදරේ කෙටියෙන් ලියු කවියක්
කියමි…… මං තනියෙන්

කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා
වැඩි කාලයක් දුක් වින්දා
ඒ කාලයේ ආදරේ කලේ
මුළු හදවතින් නිසා විදිමි වේදනා
කෙටි කාලයේ පෙම්වතෙක් වෙලා

ඉඟුරු වගේ | Inguru Wage by Damith Asanka

ඉඟුරු වගේ හිත පොඩිකරගන්න එපා ප්‍රියාදරී
වසඟ වෙලා නුඹේ සිතට රහට දැනෙයි සුබාසිරි
පහල වත්තේ කෝලිකුට්ටු පීදනවා ප්‍රියාදරී
පැලට වරෙන් දෙයියෝ මගේ ඉන්න හැකි සිනා සිසී

දිවුල් ගහේ දිවුල් පිරිලා ඒවත් බිම වැටෙනවා
නෙල්ලි ගහට පිස්සු හැදිලා වැලි වාගේ වැටෙනවා
මාල ගිරව් ප්‍රේම ගීත පැලට උඩින් ගයනවා
මොක තිබුණත් මොකටද දැන් නුඹවම හිත හොයනවා

ඉඟුරු වගේ හිත පොඩිකරගන්න එපා ප්‍රියාදරී
වසඟ වෙලා නුඹේ සිතට රහට දැනෙයි සුබාසිරි
පහල වත්තේ කෝලිකුට්ටු පීදනවා ප්‍රියාදරී
පැලට වරෙන් දෙයියෝ මගේ ඉන්න හැකි සිනා සිසී

රතු හාලේ නාඩු බතට මිරිස් මාළු ඉදෙනවා
මෑ වැල් වල කරල් පිරිලා ඒවා එතන පැහෙනවා
සිදාදියට එක්ක යන්න කාසි මටත් තියෙනවා
මොක තිබුණත් මොකටද දැන් නුඹවම හිත හොයනවා

ඉඟුරු වගේ හිත පොඩිකරගන්න එපා ප්‍රියාදරී
වසඟ වෙලා නුඹේ සිතට රහට දැනෙයි සුබාසිරි
පහල වත්තේ කෝලිකුට්ටු පීදනවා ප්‍රියාදරී
පැලට වරෙන් දෙයියෝ මගේ ඉන්න හැකි සිනා සිසී

මගේ මාතා | Mage Maatha by Damith Asanka [2021]

කම්පා නැති යශෝදරා
නින්දා වැසි ලොව වස්සා
නොසැලී සිත නොව කම්පා
සෙනෙහස දරුවට දුන්නා
කැප කර ඈ සසර පුරා
ආත්මයක එතෙර වෙනා
මම එනවා පුතෙක් වෙලා
අම්මාගෙ කිරි සුවද උරා

අම්මාඅම්මාඅම්මාඅම්මා
ආසයි මා සුලගිල්ලේ එල්ලී රාහුල වෙන්න
හමු වනදා සංසාරේ බෝසත් කුලයක ඉන්න

මගෙ මාතා යශෝදරා
පිය පදවිය උරුම වෙලා
මතු භවයේ නුබ පිරුදා
පාරමි බල කල්ප පුරා
විවරන නෑ යශෝදරා
බුදු පදවිය මෑනී වෙලා
යශෝදරා වු අම්මා
භවයක සිදුහත් වේවා

අම්මාඅම්මාඅම්මාඅම්මා
ආසයි මා සුලගිල්ලේ එල්ලී රාහුල වෙන්න
හමු වනදා සංසාරේ බෝසත් කුලයක ඉන්න

ලෝදිය උතුරන පොලවේ
දරාන උනුසුම ඇතුලේ
පොලවක් වී දරු රැක්කේ
ගිල්වා සෙනෙහස සයුරේ
සිදුහත් වන තුරු භවයේ
නිවනක් නෑ හමු වන්නේ
හමු වනදා ඈ සසරේ
බෝසත් කුලයක ඉන්නේ

අම්මාඅම්මාඅම්මාඅම්මා
ආසයි මා සුලගිල්ලේ එල්ලී රාහුල වෙන්න
අම්මා සිදුහත් වී ඉන්න
අම්මා