සසර පුරා | Sasara Pura by Dasun Madushan [2023]

සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලා
ලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලා
නුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමා
රැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා

මනමාලිය ලෙස ඔබ අද රුවට සැරසිලා
පියනගනා විට පියතුම අතෙහි එල්ලිලා
වෙනදා මෙන් නොව මගෙ හද ගැස්ම වැඩිවෙලා
මට නොදැනිම මගෙ දෑසම කඳුළු තෙත් කලා

සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලා
ලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලා
නුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමා
රැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා

නික්ම යන්න අලුත් ලොවක දිවිය අරඹලා
මොහොතට පෙර නුඹ ආදර මවට ලංවෙලා
කෙලෙසක නුඹ රැගෙන යම්ද සිතත් නැවතිලා
හිදිමි මුවග සිනහවකින් කඳුළු සඟවලා

සසර පුරා නුඹේ වෙන්නට පෙරුමන් පුරලා
ලොවට හොරා බැඳි සෙනෙහස අද සැබෑවෙලා
නුඹව මගේම කරගන්නට ඇඟිලි ගැන මෙමා
රැජිණ වෙලා නුඹ මගෙ අද දෑඟිලි පටලා

written by Kasun Wickramasinghe

ඒ දෑස | E Dasa by Dasun Madushan ft. Smokio [2021]

ඒ දෑසම සිහිවෙලා
දෙවගනදෝ හීන ගේන
ඈ පිනිස අල්තාරයේ
වැතිරී හිදී මා

පෙම් සයුරේ කිමිදෙනා
කිදුරිය මෙන් ඈව පේනා
අගනක් ද රන්ද්වාරයෙන්
ඇවිදින් හිදී රෑ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

smokio
කාමිනී මං නලෝලා දේහිනී
කල නොහැකි උපමා
කිසි දේකිනි
මේ දිනී නෙත් දිලිසේ මිනී
ඒ නුරා දෑසින් පිටවෙයි ගිනි

මිනිදු සිහිසුන් කරයි
සරාගි නෙත් කැලුම්
පෙම මගෙන් ඈත
අතැගෙන් ඈතත් ගැරූ
ඉතිරි කලා කතාවක් මට ඉරි තැලූ

ප්‍රතිමාවක් ගතින අතින් නෙලූ
බාදුරාවක් ව බබරුන් තෙලූ
මා නොවෙයි තවත් අගනක් සෙවූ
හිස්සරක් වී ඈ දෙස පෙවූ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

රාත්‍රී මන්දාරමේ
රාගී හැගුම් දැල් වුනේ
මත් වී මා ආදරේ
ඈත් දෑසේ යයි සයනේ

රෑ පුරා හීනයේ | Raa Pura Heenaye by Dasun Madushan [2020]

රෑ පුරා හීනයේ
මා මැවූ
මාළිගාව රැජිනකට ලියා

නෑ සිනා
ඈ නිසා
මා ගෙවූ ජීවිතයද
රැගෙන ගිය නිසා

හිමිවී යතාර්තයේ
නදියේ නටබුන් වූ
පෙම්කතා දුටුවා

සිරවූ සිතුවිල්ලකින්
නොතැලී
මනසින් ඒ රුව පවා
බොද කලා

හිතට වදිනා
ඇගේ හඩින් එකපෙලට ඇහෙනා
වදනකින්දෝ රැවටුනේ

රැයම කලඹා
සුවහසක් සුරලෝක
පෙනෙනා
මත්වෙමින් සුරලොවේ

හිමිවී යතාර්තයේ
නදියේ නටබුන් වූ
පෙම්කතා දුටුවා

සිරවූ සිතුවිල්ලකින්
නොතැලී
මනසින් ඒ රුව පවා
බොද කලා

රෑ පුරා හීනයේ
මා මැවූ
මාළිගාව රැජිනකට ලියා

නෑ සිනා
ඈ නිසා
මා ගෙවූ ජීවිතයද
රැගෙන ගිය නිසා

හිමිවී යතාර්තයේ
නදියේ නටබුන් වූ
පෙම්කතා දුටුවා

සිරවූ සිතුවිල්ලකින්
නොතැලී
මනසින් ඒ රුව පවා
බොද කලා

සිහිනෙන් | Sihinen by Dasun Madushan

සිහිනෙන් සිහිනෙන්
සිහිනෙන් මා හා
රහසින් රහසින්
පියමන් කෙරුවා

අනුරාගයේ රදවා ගියේ
පරමාදරේ සගවා

සිහිනෙන් සිහිනෙන්
සිහිනෙන් මා හා
රහසින් රහසින්
පියමන් කෙරුවා’

සරා ගී නෙත් ඉමේ
සතපාලා මා ලයේ
හිත කලබා මැය නොකියා
වෙන් වුනේ

සරා ගී නෙත් ඉමේ
සතපාලා මා ලයේ
හිත කලබා මැය නොකියා
වෙන් වුනේ

අනුරාගයේ රදවා ගියේ
පරමාදරේ සගවා
අනුරාගයේ සගවා හිතෙ
පුපුරා හදේ සීමා

අනුරාගයේ රදවා ගියේ
පරමාදරේ සගවා
අනුරාගයේ සගවා හිතෙ
පුපුරා හදේ සීමා

සිහිනෙන් සිහිනෙන්
සිහිනෙන් මා හා
රහසින් රහසින්
පියමන් කෙරුවා

මන්දාරමේ | Mandarame by Dasun Madushan ft. Raj Thillaiyampalam [2020]

මන්දහාසේ
නැගූ දෙව්ලියේ

ඉන්න දෑසේ
රැදී තුන්යාමයේ

වෑහෙනා
සවන් පත් පුරා
ආදරේ රහස් නිවිනිවා

මන්දාරමේ
තුරුලේ වෙලී
ලංවෙන්න මා හා බැදී

රන්තාරුකා
පොකුරේ බැදී
හිනැහෙන්න සද සේ නැගී

පිපී හිනැහෙන
වසන් මල්විලේ
හැගුම් තටු සැලූ
සමනලී

සුසුම් කොඩයේ
විඩාබව නිවූ
සිසිල් පිනි නිවූ
සුරතලී

නෙතුමායිමේ
පේනා සුපෙම්
පෙම් හීන දුන් මාලතී

මන්දාරමේ
තුරුලේ වෙලී
ලංවෙන්න මා හා බැදී

ලවන් සනසන
කොපුල් තල නුබේ
සුපෙම් සුවද දේ
ආදරේ

නැවුම් ප්‍රේමයේ
අනන්තය මැවූ
ප්‍රියාවී නුරා සාදයේ

පෙම්මාදිනී
සැරසූ දසුන්
ශ්ෘගාර රූ දේහිනී

මන්දාරමේ
තුරුලේ වෙලී
ලංවෙන්න මා හා බැදී

රන්තාරුකා
පොකුරේ බැදී
හිනැහෙන්න සද සේ නැගී

මන්දහාසේ
නැගූ දෙව්ලියේ

ඉන්න දෑසේ
රැදී තුන්යාමයේ

වෑහෙනා
සවන් පත් පුරා
ආදරේ රහස් නිවිනිවා

මන්දාරමේ
තුරුලේ වෙලී
ලංවෙන්න මා හා බැදී

රන්තාරුකා
පොකුරේ බැදී
හිනැහෙන්න සද සේ නැගී

ආදරේ පවසලා | Adare Pawasala by Dasun Madushan [2018]

ආදරේ පවසලා…
ආදරේ නමින් දිවුරලා…
නොකීයම නොකීයම
යන්න ගියා…

ආදරෙන් කී කතා…
අද ගොලු වෙලා
අද ගොලු වෙලා…
නොකීයම නොකීයම
යන්න ගියා…

යන්න ගියා…
යන්න ගියා…

නෑ හිනා වින්ද
කාලයක් හිතට
ඈ නමින් මියැදුනා…

ඈ ගෙනා හීන
සීත සෘතුවක
මීදුමෙන් පැටලුනා…

තෙලි තුඩින් ප්‍රේම
හද පුරා ඇදුන
සිතුවමත් බොද උනා…

ආදරෙන් තෙමුනු
හිත පුරා ගෙතු
තනු පවා වියැලුනා…

වේදනා කන්ද
ආදරේ උසට
ආකහේ ගෑවුනා…

ආකහේ ඉදන්
හීන දෙව්දුවක්
තුන් හිතට ලං උනා…

තුන් හිතින් වින්ද
ශෝක දුක් කදුලු
ඈ අතින් පිසදමා…

ආදරේ නමට ගීතයක්
අලුත් තනුවකින්
ලියැවුනා…

ආදරේ පවසලා…
ආදරේ නමින් දිවුරලා…
නොකීයම නොකීයම
යන්න ගියා…

ආදරෙන් කී කතා…
අද ගොලු වෙලා
අද ගොලු වෙලා…
නොකීයම නොකීයම
යන්න ගියා…

යන්න ගියා…
යන්න ගියා…

YouTube ඔස්සේ වීඩියෝව නරඹන්න | Watch the video on YouTube