සිකුරු හතට | Sikuru Hathata by Various Artists

සිකුරු හතට දානා තරු වලලු අතට ගේනා
බබරු බබන ලීලා කොලු කමට උමතු වීලා
පොළවේ පය ගහනා අපි ආවේ කටු කාලා
පලු ගලවා මද කාලා
යකු නලවා කොකු කාල

බාදා ආ දා නාඩා පැතුවේ ආශා
විදුලු බුබුලු දාරා
හදවතට සතුට සාරා
කොලුකමට කොහෙද සීමා
මන බබරු රගති සෑමා
වචන රචන ගේනා
හදවතට එකග වීලා
අපි රගමු රැය සිසාරා
හීන ලෝකේ පීරා

සිකුරු හතට දානා තරු වලලු අතට ගේනා
බබරු බබන ලීලා කොලු කමට උමතු වීලා
පොළවේ පය ගහනා අපි ආවේ කටු කාලා
පලු ගලවා මද කාලා
යකු නලවා කොකු කාල

වෙලාව ආවා
නටමුද යමු ලං වෙලා
මුලාවේ දාලා නොයති දුරක වෙං වෙලා
සිනාව පාලා සිතට ගතට දැනෙන විලස
සරාගේ නාරී දප නෑ බබරා

හදවත පුරා පුරා
සිතුවිලි ගලා
ඇදිවත පවා පවා
පුද දෙමි සදා

හදවත පුරා පුරා
සිතුවිලි ගලා
ඇදිවත පවා පවා
පුද දෙමි සදා

සිතුවිලි පවා පවා
විකසිත වෙලා
හදුනමි සදා සදා
නාඩි ගැහෙන තාල පදම

සිකුරු හතට දානා තරු වලලු අතට ගේනා
බබරු බබන ලීලා කොලු කමට උමතු වීලා
පොළවේ පය ගහනා අපි ආවේ කටු කාලා
පලු ගලවා මද කාලා
යකු නලවා කොකු කාල

බාදා ආ දා නාඩා පැතුවේ ආශා
විදුලු බුබුලු දාරා
හදවතට සතුට සාරා
කොලුකමට කොහෙද සීමා
මන බබරු රගති සෑමා
වචන රචන ගේනා
හදවතට එකග වීලා
අපි රගමු රැය සිසාරා
හීන ලෝකේ පීරා

සිකුරු හතට දානා තරු වලලු අතට ගේනා
බබරු බබන ලීලා කොලු කමට උමතු වීලා
පොළවේ පය ගහනා අපි ආවේ කටු කාලා
පලු ගලවා මද කාලා
යකු නලවා කොකු කාල

සඳ කෙමි | Sanda Kemi by Sandeep Jayalath [2021]

සද කෙමි වැගිරෙන රෑ පුරා
දැනුනා පපු සූරන කාරනා
පියවෙන නෙතු පිය රූරනා
සිහිනයේ
සැරිසරා

ජීවිතේ චාරිකා
වීමානේ
පාවෙවී පාවෙලා

හිත ආදර හැගුමක
සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා
නව සිහිනෙක සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුරු දින ගෙන
කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා

ලගින් මීවිත රස විද
ජීවිත මදුවිත මා

තරුමල් කඩා
ගගනේ විමනක් තනා
සැතපෙන්න යහනක් මවා

පවනක් මතින් යමින්
වියනක් එලා
ලද ජීවිතේ පල නෙලා

ජීවිතේ චාරිකා
වීමානේ
පාවෙවී පාවෙලා

හිත ආදර හැගුමක
සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා
නව සිහිනෙක සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුරු දින ගෙන
කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා

ලගින් මීවිත රස විද
ජීවිත මදුවිත මා

සද කෙමි වැගිරෙන රෑ පුරා
දැනුනා පපු සූරන කාරනා
පියවෙන නෙතු පිය රූරනා
සිහිනයේ
සැරිසරා

හිත ආදර හැගුමක
සුව සොයනා
සැරිසරනෙමි පෙම සොයලා
නව සිහිනෙක සිත බැදි රුව මැවෙනා
හද සනසන රුව කොතැනා
අදුරු දින ගෙන
කාලේ ගෙවා
විදිමි මේ රසයේ හේසරා

ලගින් මීවිත රස විද
ජීවිත මදුවිත මා

කැළඹී හමනා | Kalambee Hamana by Nimanthi Chamodini

කැලඹී හමනා සුලඟේ හෝ වෙලිලා
රහසේ පතනා සුවඳක් වී බැඳෙනා
දිව රෑ පෙනෙනා සිහිනේ හෝ මැවිලා
මසිතේ රූ තවරා විඳිමී මා සිතිනා…

තේරුනිදෝ සැලෙනා සිතුවිලි හෝ
සිහිනේ වෙලිලා ලං වීලා ඒවීදෝ
දැනෙනා සිත විඳිනා මේ ආදරයම පතනා
නොනිදා සයනේ පතමී රූ මවා

ලං උනිදෝ දැනෙනා තනිකම හෝ
ආදරෙ දැනිලා ලං වීලා ඒවිදෝ
සැමදා රූ මැවෙනා රෑ සිහිනයකම සරනා
නොනිදා සයනේ පතමී රූ මවා